අදත් වරෙන් පුළුවන් නම් ග්‍රීස් යකා

daredevil-100-marvel

ඔන්න යාලුවනේ මට හම්බුනු සුපිරි කවි ටිකක් අයෙත් දැම්ම ඔයාලට කියවන්න.කියවල බලන්නකෝ සුපිරිද කියල.තනිකඩ කෙල්ලෙක් කියන කවි ටිකක් තියෙන්නේ,

හවස් කළුව එනතුරු මඟ බලන්නේ
අදත් ඇවිත් යන්නට එයි හිතෙන්නේ
මමත් ඔන්න එළි පහළින් හිඳින්නේ
බලන් ඉඳින් කාටත් නැහැ කියන්නේ

හිතේ තියෙන දුක දුම් බටයට කියලා
ළිපේ අඟුරු ඇවිළුණ හැටි දුක හිතිලා
ඔහේ දවස් ගත වෙන හැටි ගැන ඉඳලා
අනේ මටත් ඇති මගේ කරුමෙට බැනලා

ඉරිදා පත්තරේ දැම්මාට ගුණ ලියලා
බලලා යන එවුන් ඉල්ලුවෙ මිල බලලා
විකුණා ගන්න බැරි උන මම ගැන හිතලා
අප්පා දුර ගියා හුස්මක් බිම තියලා

කෙට්ටු පපුව හිස් පස්සක හැඩ බලන
දා‍ෙදාල් කළු වුණත් පැණිරස ගැන හිතන
තොලට හීලෑ නැති බොල්ලෑ කට හපන
කෙනෙක් එන්නෙ නැහැ පපුවක ගිනි නිවන

එකම පන්තියේ කෙල්ලන් දුරට වෙලා
හැදුව පැටවුණුත් සේරම ලොකුත් වෙලා
පොඩිම නංගිටත් කොල්ලෙක් කැමැති වෙලා
මටම දුකයි මම විතරක් පාළු වෙලා

වැලක තිබුණ මගෙ යට රෙදි ගනිපු යකා
පිළක අඳුර යට අල්ලලා දුවපු යකා
මොනවා වුණත් මගෙ හැඩ බැලු එකම එකා
අදත් වරෙන් පුළුවන් නම් ග්‍රීස් යකා

Share Button

3 Comments

  1. janaka October 7, 2015 Reply
  2. Johnny October 7, 2015 Reply
  3. UPAlbion.com December 1, 2016 Reply

Add a Comment

Your email address will not be published. Required fields are marked *