අද දවස ආරම්භ වනවිට පදක්කම් සටහන..( OLYMPICS )

පිරිමි මීටර් 100 ළය ආර ඉසව්වේ මුලික වටයේදී තමන් විසින්ම පිහිට වූ ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කරන්නට මහා බ්‍රිතාන්‍යයේ ඇඩම් පීටි සමත් වුණා.
ඒ, තත්ත්පර 57 යි දශම 13 කින් අවසන් වටය තරගය නිම කර එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියමින්.
පිහිනුම් ක්‍රීඩාවෙන් ඇමරිකාවට පළමු රන් පදක්කම දිනාදුන් කේටි ලිඩිකි කාන්තා මීටර් 400 නිදහස් ආර ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කරන්නට සමත් වුණා.
කේටි,ඉසව්ව අවසන් කරන්නට ගත කළ කාලය විනාඩි 3 යි තත්ත්පර 56.46 ක්.
රියෝ පිහිනුම් තටාකයේ තවත් ලෝක වාර්තාවක් බිහි කරන්නට ස්වීඩනයේ සාරා හුස්ට්‍රොම් සමත් වුණේ කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.
හූස්ට්‍රොම් ඉසව්ව අවසන් කළ වාර්තාගත කාලය තත්ත්පර 55.48 ක් ලෙස සටහන් වුණාග
මෙවර ඔලිම්පික් උළෙලට එක්ව සිටින අවතැන්වූවන්ගේ කණ්ඩායම වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
ඔලිම්පික් ධජය යටතේ ක්‍රිඩා කරන එම කණ්ඩායමේ යුස්රා මාදිනි ඊයේ පැවැති කාන්තා මිටර් 100 සමනල ආර ඉසව්වේ මුලික වටයේ තරගයක් ජය ගන්නට සමත් වුණා.
සිරියානු යුධ ගැටුම්වලින් අවතැන් වූ යුස්රා තම ජීවිතය බේරා ගැනීම සඳහා තුර්කියේ සිට ග්‍රිසිය දක්වා පැමිණ ඇත්තේ මුහුදේ පිහිනාගෙනයි.
කෙසේ වෙතත් සමස්ත කාල ගණනය අනුව ඇයට අවසන් වටයට සුදුසුකම් ලබන්නට හැකිවුණේ නැහැ.
බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් බිහි කරන්නට චීනයේ කිංක්වෑන් ලොංග් සමත් වුණා.
පිරිමි කිලෝග්‍රෑම් 56 බර පංතියේ රන් පදක්කම වෙනුවෙන් ලොංග් දැක්වූ දක්ෂතාව කිලෝග්‍රෑම් 307 ක්.
ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 137 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 170 ක් එසවූවා.

 

http://www.hirunews.lk/Data/news_uploads/201608/140136_2.jpg

http://www.hirunews.lk/Data/news_uploads/201608/140136_1.jpg

 

Share Button

One Comment

  1. Almighty Iron man August 9, 2016

Add a Comment