අද දින වන විට OLYMPIC පදක්කම් සටහන..

මෙවර ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනාගන්නට ඇමරිකාවේ වර්ජිනියා ත්‍රෙෂර් සමත් වුනා.

ඒ, කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන්.

ජගත් ඔලිම්පික් කවුන්සල සභාපති තෝමස් බාක් මහතා රියෝ ඔලිම්පික් උළේල් පළමු පදක්කම් ප්‍රදානයට එක්ව සිටියා.

මෙවර ඔලිම්පික් උළෙලේ පළමු නව ලෝක වාර්තාව ලියැවුණේ මහා බ්‍රිතාන්‍යය පිහිණුම් ක්‍රීඩක ඇඩම් පීටිගේ නමින්.

පිරිමි මීටර් 100 පසුපස ආර ඉසව්වේ පළමු වටයේ තරගයක් ජය ගනිමින් ඔහු මේ ලෝක වාර්තාව පිහිටුවන්නට සමත් වුණා.

තරගය අවසන් කරන්නට ඔහු ගත කළ කාලය තත්ත්පර 57.55 ක්.

හංගේරියාවේ කැටින්කා හොසු කාන්තා මීටර් 400 මිශ්‍ර ආර පිහිණුම් ඉසව්වෙන්ද නව ලෝක වාර්තාවක් පිහිටවූවා.

ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ මිනිත්තු 4 යි තත්ත්පර 26 යි දශම 36 ක කාලයක් වාර්තා කරමින්.

කාන්තා මීටර් 100 හතර නිදහස් ආර සහය පිහිණුම් ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් නව ලෝක වාර්තාවකට හිමිකම් කීවා.

ඒ, විනාඩි 3 යි තත්ත්පර 30.65 කින් ඉසව්ව අවසන් කරමින්.

රියෝ ඔලිම්පික් උළෙලේ පළමු දිනය තුළදීම ලොවපුරා ක්‍රීඩාලෝලීන් කම්පාවට පත්කළ සිදුවීමක් වාර්තා වුණා.

ඒ ප්‍රංශ ජිම්නාස්ටික් ක්‍රීඩක සමීර් අයිට් සායිඩ් මුහුණදුන් අවසනාවන්ත අනතුරයි.

ජිම්නාස්ටික් ඉසව් 9 කදී ප්‍රංශය නියෝජනය කිරීමේ අරමුණින් ඔලිම්පික් උළෙලට එක්වූ සායිඩ් තම පළමු ඉසව්ව අතරතුරදීම මුහුණදුන් මෙම අනතුර හේතුවෙන් ඔහුගේ පාදය දරුණු ලෙස බිඳී ගියා.

http://www.hirunews.lk/Data/news_uploads/201608/140066-1.jpg

 

Olympic Gymnast leg broke

-Google

Share Button

One Comment

  1. Almighty Iron man August 8, 2016

Add a Comment