අධිකරණයට රැගෙන ආපු වාස් ගුණවර්ධන හදිසියේ අසනීප වෙයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වාස් ගුණවර්ධන රැගෙන ආ අවස්ථාවේදීයි ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇත්තේ. කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුට හදිසි ප්‍රතිකාර ලබාදී 49 වන වාට්ටුවට ඇතුළත් කළ බවයි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *