බෝල්ට් නැවතත් ලොව වේගවත්ම මිනිසා වෙයි..

ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 100 ඉසව්ව අඛන්ඩව තුන් වතාවක් ජයගත් පළමු ක්‍රිඩකයා බවට පත්වීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් අද සමත්වුණා.
ඒ, රියෝ  ඔලිම්පික් උළෙලේ මීටර 100 ධාවන තරඟයෙන් රන් පදක්කමක් දිනාගනිමින්.
අද පැවති තරඟයේදී උසේන් බෝල්ට් තත්පර 9.81 කින් එම ඉසව්ව නිම කළ නමුත් ඔහුට නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අවස්ථාව හිමිවූයේ නැහැ. මීට පෙර ඔහු විසින්ම තත්පර 9.58 කින් මෙම ඉසව්ව නිම කර ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.
අද පැවති මීටර 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම ලබාගත්තේ ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් විසින්. කැනේඩියානු ජාතික ඔන්රේ ඩි ග්‍රාස් මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත්තා.
කෙසේ වෙතත් විවිධ පුද්ගලයන් මීට පෙර අනාවැකි පළකර තිබුනේ මෙවර මෙම ඉසව්වේ රන් පදක්කම බෝල්ට්ගෙන් ගිලිහී යන බවටයි.

-Internet

 

Share Button

One Comment

  1. Almighty Iron man August 15, 2016

Add a Comment