අපේ රට විනාශ කල පිරිස මෙන්න

Sri-Lankas-parliament

ශ්‍රී ලංකාව එන්න එන්නම විනාශ මුඛයට ඇදගෙන යමින් පවතී. මෙයට වග කිවයුත්තන් කවුද? මෙන්න ඒ පිරිස.

01) හිටපු ජනපතිවරු සහ ඔවුන්ගේ කැබිනට්ටුව.

ඔවුන්ට බලය තිබුණි. මුදල් තිබුණි. නොතිබුනේ දැනුම පමණි. ඔවුන් තමන් වෙනුවෙන් මිසක අප වෙනුවෙන් කිසිත් නොකළෝය.

02) ආගමික පුජකවරු 

ජනයාගේ සිත් පහන් කරනවා වෙනුවට මොවුන් තම පටු අරමුණු වෙනුවෙන් ආගම විකුණා කන ලදී.

03) උගත් යැයි කියා ගන්නා විශ්ව විද්‍යාල වල දේශකයන්.

දැනුමින් අඩු මෝඩ රැලක් රටට දායාද කර බුද්ධිමතුන් පිටරට වල යැවීමට මොවුන් ද වග කිවයුතුය.

04) අසහනකාරී මාධ්‍යකරුවන්.

රටේ ජනතාව දැනුමින් පුරවනවා වෙනුවට මොවුන් දුෂණ, මැරකම්, ළමා අපචාර වලින් තම මඩිය තර කර ගත්හ. ලංකාවේ නීතිය දන්නේ නීතිය හැදෑරු පිරිස පමණි. මාධ්‍ය කරුවා දිනකට වරක් බැගින් නිතිය ආශ්‍රිත දෙයක් ජනයාට කියා දුන්නේ නම් අපේ රටේ ගොන් හරක් රැලක් බිහි නොවනවා ඇත. රියලැටි වැඩසටහන් සඳහා ඔවුන්ට කාලය ඇත. මෙලෝ රහක් නැති ටෙලි නාට්ටි සඳහා කාලය ඇත, නමුත් බුද්ධිය වඩවන කිසිදු දෙයක් උන්ට නැත.

මෙවැනි රටක් හැදීමට නම් රටෙන් බාගයක් පමණ පිරිස තම ගොන් පාට් නවත්වා අනාගතය ගැන සිතා වැඩ කල යුතුව ඇත.  එල ගොසිප් අප සැම ඒ වනතුරු හඬ නගනු ඇත!

Share Button

One Comment

  1. nirmani September 24, 2015 Reply

Add a Comment

Your email address will not be published. Required fields are marked *