අප නොසිතන මරු කැන්දන නිවසේ ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක්

අනතුර! අවවාදයයි! අවධානයට! ඔබට සාමාන්‍යයෙන් ගෘහස්ත නිෂ්පාදන මත මෙම ලේබල් දක්නට පුළුවන්, නමුත් ඔබ කවදා හෝ ඒවා හොඳින් කියවලා තියෙනවද? කුඩා දරුවන්ගෙන් ඇත් කරලා තැබිය යුතු බව අපි කොහොමත් දන්නා කරුණක්. අනිකුත් උපදෙස් පිලිපැද්දත් එම රසායනික ද්‍රව්‍ය වල විෂ මාරාන්තික බැවින් පරිභෝජනයේදී වඩාත් සැලකිලි මත් විය යතු වෙනවා. සමහර විට ඔබ නොසිතන ද්‍රව්‍ය ඔබගේ මරණයට උපකාර වනු ඇත. නිවසේ භාවිත කරන එවන් රසායනික ද්‍රව්‍ය වල අහිත කර බව කොතරම්ද යන්න මේ ලිපිය කියවන ඔබට දැනගැනීමට පුළුවන්.

1. නිවාස හෝ රැකියා ආයතනය සුවඳ වත් කිරීමට භාවිත කරන එයාර් ෆ්රෙෂ්න එක ඔබට මාරු කැන්දන බව දන්නවාද ?
බොහොමයක් පෙනහළු පිළිකා ඇති වීමට මෙය ප්‍රධාන හේතුවක් වන බව සොයාගෙන තිබෙනවා. මේවයේ අඩංගු  පෙට්‍රෝලියම් වැනි රසායනික ද්‍රව්‍ය අපගේ ඇස් වලට හා සමට හා පෙනහළු වලට ඉතා අහිත කර වෙනවා. මෙම රසායනික ද්‍රව්‍ය සුවඳවත් වායුවක් ලෙස අප ආශ්වාස කරන නමුත් එය පෙනහළු වල ක්‍රියාකාරිත්වය අඩපන කරවන ද්‍රව්‍යක් වෙනවා.

 

Sprayed air freshener in hand on white shelves background

2. පිඟන් සෝදන ඩිටර්ජන් කුඩු/දියර ඔබට මාරු කැන්දන බව දන්නවාද ?
කුස්සියේ පිරිසුදු කම පවත්වාගෙන යාමට උපකාරී වෙන මෙම නිෂ්පාදනය අපට බෙහෙවින් වටිනා ද්‍රව්‍යක් වෙනවා. පිඟන්, කෝප්ප, හැඳි හා ගෑරුප්පු සේදීමට භාවිත කරන මේවයේ ඇති රසායනික ද්‍රව්‍ය ජලය තුල ඇති ක්ලෝරීන් සමඟ දැඩි ලෙස ප්‍රතික්‍රිය කරන අතර එමඟින් ඇතිවන තාපය කුඩා දරුවන්ගේ හා ළදරුවන්ගේ මුඛය, උගුරු හානි වන අතර බොහෝවිට බරපතල ගැටළු මතු කරනවා.

532125_1280x720

3. විරංජක (Bleach) භාවිතයෙන් ඔබට ඇති හානිය දන්නවාද ?
ඇඳුම් සුදු කර ගැනීමට, විශේෂයෙන් නාන කාමරයේ, මුළුතැන්ගෙයි ඇති පැල්ලම් හා විෂබීජ ඉවත් කර ගැනීමට යොදාගන්නා මෙම විරංජක තුල ඇති කැල්සියම් හයිපොක්ලෝරයිට් ශ්වසන අබාධ ඇතිකරන අතර පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. මේවා නිවසේ භාවිත වන අනිකුත් ගෘහ රසායනික ද්‍රව්‍ය සමඟ එකට එක්වන්නේ නම් එනම් විරංජක හා ඇමෝනියා, විරංජක හා සර්ජිකල් ස්ප්‍රිතු එක් වූ විට ඇතිවන අවදානම මරණයක් වීමට පුළුවන්.

images

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *