අඹ වල ඇති ඖෂධීය ගුණය

Mango Juice

සපුෂ්ප ශාක පවුලට අයත් අඹ දකුණු ආසියාව වැනි නිවර්තන රට වල බහුලව දැකගන්න පුළුවන්. අඹ කෙඳි සහිත ඉතා මිහිරි පලතුක්. අතුරුපසක් ලෙස, පිසින ලද  ආහාරයක් ලෙස, අච්චාරු දැමීමට මෙන්ම මිහිරි පානයක් ලෙසද අපට මෙය භාවිතා කරන්න පුළුවන්. මෙම පලතුර බොහෝ ලෙඩ රෝග වලට මහඟු ඖෂධයක්ද වේ. එවැනි රෝග කිහිපයක් අප හඳුනා ගනිමු.

පිළිකා වලකයි.
අඹ වල ඇති ප්‍රති ඔක්සිකාරක සංයෝගය බඩවැලේ, පියයුරු, පුරස්ථි ග්‍රන්ථි වල පිළිකා ඇතිවීම් වලක්වයි. ලියුකේමියා රෝගයට එරෙහිවද ක්‍රියා කරයි.

කොලෙස්ටරෝල් අඩු කරයි.
අඹ වල ඇති ඉහල තත්වයේ තන්තු, ප්‍රේක්ටින් සහ විටමින් c කොලෙස්ට්රෝල් මට්ටම අඩු කරන අතර ලිපොප්රෝටීන ඝනත්වය අඩු කරයි.

සම පිරිසිදු කරයි.
කුරුලෑ ආදිය ඉවත් කර සුසිනුදු සමක් ලබාදෙයි.

අක්ෂි පෙනීම වැඩි කරයි.
අඹ වල පවතින විටමින් A ගුණය මඟින් ඇස් පෙනීම වර්ධනය කරන අතර ඇසේ වියළි බව නැති කරයි. රාත්‍රී අන්ධතාවය වළකයි.

දියවැඩියාව අඩු කරයි.
අඹ රුධිරය තුල ඇති ඉන්සියුලින් මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමට උදවු වෙයි.

මෙවැනි රෝග රැසකට ඖෂධයක් වන මෙම වටිනා පලතුර ඔබගේ ආහාරයට එක් කර ගන්න.

Share Button

Add a Comment