අයින්ස්ටයින් කම්මැලියෙක් ද?

35e7260715a0aab605bfd13e78e81cbc

ඇල්බර්ට් අයින්ස්ටයින් යන නම සඳහන් නොකර සාපේක්ෂතා වාදය, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, ස්කන්ධ ශක්ති තුල්‍යතාව වැනි කාරණා ගැන කතා කරන්නට පුළුවන් කමක් නැත. නුතන භෞතික විද්‍යාවේ කොතැනක ස්පර්ශ කළත් අයින්ස්ටයින් ගැන සදහන් නොවන ඉසව්වක් ඇත්තෙම නැති තරම්ය. කෙසේ වෙතත් අයින්ස්ටයින්ගේ ළමා කාලය නම් ගැටළු සහ අර්බුද වලින් පිරුණු එකකි.

වයස අවුරුදු තුන වන තුරුම අයින්ස්ටයින් හරිහැටි කතා නොකළේය. කිසිවක් කියන්නට වුවමනා වුවිට ඔහු එය මිමිනුවේය. ඒ මිමිනීම පවා සිදුවුනේ කෙනෙකුගේ කනත නෑසෙන තරමටය. මේ නිසා අයින්ස්ටයින්ගේ දෙමාපියෝ යලිත් බියට් පත්වුහ. (මුල් වතාවේ බිය වී ඇත්තේ ඔහුගේ අසාමාන්‍ය හිසේ හැඩය පිළිබඳවයි.) එවර ඔවුන් සිතුවේ තම දරුවා කථන ආබාධයකින් පෙලෙන දරුවෙකැයි කියාය. කතාවේ ප්‍රමාදය වයස අවුරුදු නවය වන තුරුම අයින්ස්ටයින් කෙරෙන් පළවිය.

images

විද්‍යාවේ ඉතිහාසය ගැන පර්යේෂණ පැවැත්වූ ඔටෝ නියුපෙන්බවුයර් (ottoneugebauer) අයින්ස්ටයින් ගැන ඉතා රසවත් කතාවක් සඳහන් කර තිබේ. කතා බහක් නැතිව පැත්තකට වී සිටින කුඩා අයින්ස්ටයින් දිනක් මව්පියන් සමඟ රාත්‍රී කෑම මේසයට වාඩි වුයේය. “මේ සුප් එක උණුයි” යැයි කියා ඔහු එක්වරම මවුපියන්ට පවසා තිබේ. පුතාගේ කතාවෙන් මවිතයට් පත් අම්මාත් තාත්තාත් පුතාගෙන් අසා ඇත්තේ මෙයට පෙර මේ වගේ කතා නොකළේ මන්දැයි කියාය.

“ඒකට හේතුව මේ වෙනකන් හැමදෙයක්ම පිළිවෙලට සිද්ධ වීම.” යැයි කියා ඔහු පිළිවදන් සපයා ඇත. අතිශයින්ම බුද්ධිමත් පුද්ගලයන් ඔවුන්ගේ ළමා අවධියේදී කතාව අරඹන්නේ සාපේක්ෂව ප්‍රමාද වී බව ගත් කතුවරයෙකු වන තෝමස් සොවෙල් පසු කාලයක් සඳහන් කරන්නේය.

පාසලේදී පවා අයින්ස්ටයින් අඩුවෙන් කතා බහෙහි යෙදුණු වග ඔහු ගැන කියවෙන බොහෝ වාර්තාවල සඳහන් වේ. ඒ නිසා ප්‍රථමික අධ්‍යාපනයේදී පමණක් නොව ද්විතික අධ්‍යපනයේදීත් ඔහු ගුරුවරුන් අතර ජනප්‍රිය දරුවෙකු වුයේ නැත. ගුරුවරුන් සිතුවේ අයින්ස්ටයින් යනු පිළිවෙලක් නැතිව හැදුණු, කම්මැලි දරුවෙකැයි කියාය.

1895දී ස්විට්සර්ලන්තයේ සුරිච්හි සුවිස් ෆෙඩරල් පොලිටෙක්නික් විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නට ගිය ගමනට පවා බාධාවක් වුයේ අයින්ස්ටයින් තුල පවතී මේ සංකීර්ණ ගතිගුණයි. ඇතුළු වීමේ විභාගයෙන් අවශ්‍ය සුදුසු කම් නොලැබුවත් භෞතික විද්‍යාව හා ගණිතයට හොඳ ලකුණු ප්‍රමාණයක් ගෙන තිබුනේය.

කිසියම් වැඩක් වරද්ද වරද්දා කරන කෙනෙකු මිස අන් කෙනෙකු අලුතින් කිසිවක් කිසිදාක ඉගෙන නොගන්නා වග ඔහු වරෙක පවසා ඇත. නොපසුබස්න විර්යයෙන් ජිවිතයට මුහුණදීමේ වැදගත්කම අයින්ස්ටයින්ගේ ජිවිතයේ අවධාරණය කෙරේ.

(උපුටා ගැනීමක්)

Share Button

Add a Comment