ආදරය මානසික රෝගවලට ප්‍රධාන සාධකයක්

Sad-girl-missing-her-love-emotion-lonely-feeling-photo-image

“අනේ මන්දා එක වෙලාවකට හොදට ඉන්නවා. ඊළග මොහොතේ ආයෙත් වෙනස් වෙනවා.”
“ඇයි මෙහෙම වෙනස් වෙන්නේ”
“ඔයාට පිස්සුද?”
මෙවැනි කතා සමාජයේ නොයෙකුත් ආකාරයෙන් අපට අසන්නට ලැබේ. එමෙන්ම බුදුන් වහන්සේ ද දේශනාකොට ඇති පරිදි “සබ්බේ පෘතග්ජනා උම්මත්තකා” සියල්ලෝම සම්පුර්ණ මානසික සුවයෙන් යුක්ත නොවන බවයි.සෑම පුද්ගලයෙකුම කිසියම් මානසික අසහනයකින් පෙලෙන බව එයින් අපට පැහැදිළි වේ.

බොහෝ ශාරීරික රෝගවලට හේතු හොයාගෙන ඇති අතර එම රෝග විෂබීජ හෝ වයිරස වැනි ක්ෂුද්‍ර ජීවින් නිසා බෝවන බැව් හෙළිව ඇත. එහෙත් මානසික රෝග බොහොමයකට් හේතු තවමත් සොයාගෙන නැති අතර සමහර මානසික රෝගවලට ප්‍රධානතම කරුණු 5ක් බලපායි. එනම්,

01.මොළයේ සෛලවල ජෛව රසායනික වෙනස් වීම්
මෙය වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව විය හැක ය.

02.පරිසර විෂමතා
එනම් පුද්ගලයා ජිවත්වන පරිසරය, ඉගෙන ගත් පාසල, වැඩකරන ස්ථානය සහ නිවසට යන එන පුද්ගලයන්ද මානසික රෝග සැදීමට ඉවහල් වේ.

 

03.ප්‍රවේණි සාධකය නැතහොත් ආරය
මෙහිදී පුද්ගලයෙකුගේ මානසික මට්ටම පහත නම් එම පුද්ගලයාගේ මවගේ හා පියාගේ පරම්පරා දෙකකට ඈතින් සිටින  පවුලේ උදවිය අතර කුමන හෝ ආබාධයකින් පෙළෙන්නෙක් සිටීදැයි දැන ගත යුතුය. මෙහිදී එක් පරම්පරාවකින් හෙළි නොවන මානසික රෝග ඉන් ඔබ්බට පරික්ෂා කරන විට හෙළිවන බැවින් මානසික රෝග සඳහා පරම්පරාවද බොහෝවිට මුල් වේ.

04.අඳුර නොහොත් අන්ධකාර සිතුවිලි සහ පෞද්ගලික හේතුන්
සමහර පුද්ගලයන් මනසේ නිරන්තරයෙන් ම “මට දියුණු වෙන්න බෑ, මට ඉගෙන ගන්න බෑ, මම කරන කිසිම දෙයක් හරියන්නේ නැ” යනාදී දීර්ඝ කාලින සිතුවිලි ද වෙනත් හේතුන් ද මානසික මට්ටම් පහත දමා මානසික රෝගියෙකු කිරීමට ඉවහල් වේ.
ඒකම හරිය – මේක වැරදිය
මේකම හරිය – ඒක වැරදිය
යනුවෙන් තදින් කිසිවක් ග්‍රහණය කර ගෙන සිටීම බුද්ධි ගෝචර නොවේ. මෙමගින් ද මානසික රෝග වෙත මිනිසා නිරායාසයෙන් යොමු කරයි.

05.මානසික රෝග සඳහා ප්‍රධානතම හේතුවක් වන ආදරයේ බලපෑම
පුද්ගලයෙකු බලාපොරොත්තු වන ආදරය සෙනෙහස නොලැබෙන තැනදී ද දෙමාපියන්ගෙන් දරුවන්ට ආදරය කරුණාව නොලැබුණු තැනදී ද කාලයාගේ ඇවෑමෙන් මනසේ ඇති වන්නා වූ පීඩනයත් සමගම මානසික රෝගියෙකු වේ.

බොහෝ විට, බොහෝ ය තුළ ඇති ව්‍යාජ බවද පුද්ගලයා මානසික රෝග වෙත යොමු කරයි. ඍණාත්මක සිතුවිලි/අහේතුවාදී සිතුවිලි හේතුවෙන්ද මානසික රෝග මිනිසා වෙත හඹා එයි.

(උපුටා ගැනීමක්)

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *