ආසියාවේ පිරිසිදුම ගම

meghalaya_mawlynnong_village_h

Mawlynnong නැගෙනහිර ඉන්දියාවේ මෙගාලයා ප්‍රාන්තයේ පිහිටා ඇති ගමකි. මෙම ග්‍රාමය මෙහි පවතින මාතෘ මුලික සමාජය නිසා මෙන්ම ඉන්දියාවේ පිරිසිදුම ගම ලෙසත් ප්‍රසිද්ධියට පත්ව ඇත. 2015 වනවිට එහි ජනගහනය 500 වූ බව ගණන් බලා ඇත. කුටුම්බ්බ ගණන 95කි. මෙහි කාසි ජන වාර්ගික ජනතාව ජිවත් වෙති. කාසි ජනයාගේ සම්ප්‍රදායක් අනුව දේපොළ හිමිකම මවගේ වැඩිමහල් දියණියට හෙවත්  මවගේ වාසගම ඉදිරියට රැගෙන යන අයට හිමි වීම විශේෂත්වයකි.  කෘෂිකාර්මය ජිවනෝපාය කරගත් මෙහි ජනයාගේ, ප්‍රධාන වැවිලි බෝගය පුවක්. සාක්ෂරතාව 100% කි.

පිරිසිදු කිරීම අතින් නම් දරා සිටින Mawlynnong ග්‍රාමයේ සියල්ලන්ම එම කාර්යට එක ලෙස වෙහෙස මහන්සි වී කාර්යක්ෂමව වැඩ කරති. උණ බම්බු වලින් සාදාගත් කුණු දමන බදුන් ගමේ තබා ඇති අතර ඔවුන් අපද්‍රව්‍යය නැවත පොහොර ලෙස භාවිතා කරති. ඩිස්කවරි සගරාව විසින් 2003දී මෙම ග්‍රාමය ආසියාවේ පිරිසිදුම ගම ලෙස නම් කරන ලදී. ඊට අමතරව ඉන්දියානු රජය විසින් 2005දී ඉන්දියාවේ පිරිසිදුම ගම ලෙසත් මෙය නම් කරන ලදී. එහි පිරිසිදු විදි, මංමාවත්, උයන් ආදිය ඉතා අලංකෘතය. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා තමා සිටින කුමන ස්ථානය වුවද තැනක් නොතැනක් බලා පිරිසිදු කිරීම මෙහි රහසයි. පාසැල, පොදු ස්ථාන, වෙළද ස්ථාන ආදී සියලු ස්ථාන නිරන්තරයෙන් පවතින්නේ කුණු කසල වලින් තොරවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මුලිකත්වයෙන් 2014දි පිවිතුරු ඉන්දියාවක් තැනීමේ වැඩසටහන ආරම්භ කෙරිණි. මෝදි මහතා පැවසුයේ ඉන්දියාව යන නමට වඩාත් නරක ප්‍රතිරූපයක්, මෙම කැලිකසළ නිසා ඇතිව තිබෙන බවයි. ඉවත දමන අපද්‍රව්‍ය රටේ භූමියේ කොටසක් බවට පත්ව ඇති බව වැඩි දුරටත් ඔහු සඳහන් කළේය. 2019දි පිවිතුරු ඉන්දියාවක් බිහිකිරීමට යන ගමනේදී Mawlynnong ග්‍රාමය ආදර්ශයක් කොට ගත යුතු බවද අගමැතිතුමා පවසා සිටියේය. 2016 මැයි මාසයේ දී ඔහු විශේෂ සැමරුමක්ද ලබාදී “ආසියාවේ පිරිසිදුම ගම” ලෙස එය පෙන්වා දුන්නේය.

එය ආසියානු කලාපයේ පුරාවෘත්තයකි. එලෙස හැඩගැසී ඇති Mawlynnong වැසියන්ගේ ජන ජීවිතය ඔවුන්ගේ යහපත්, නිරෝගී සෞඛ්‍යයටද ආශීර්වාදයකි. කිත් පැසසුම් ලද පිරිසිදුකම සිය ආත්මය කරගත් මිනිසුන්ගෙන් අපට ඉගෙන ගන්නට ඇති දෑ බොහෝයි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *