ඇමරිකාවේ වෙසෙන අද්භූත මෘගයින් ….

එක්සත් ජනපදය තුළ ප්‍රබන්ධ සත්වයන් පිරී ඇත.එක්සත් ජනපදවාසීන්ගේ පරිකල්පන තුළ මෙම සත්වයන්ට පණ පෙවී ඇති බව සඳහන් වේ.

මෙම සතුන් පිලිබඳ කතා බහ කිරීම නැවත කරලියට පැමිණෙන්නේ එක චිත්‍ර ශිල්පියෙකු නිර්මාණය කල සටහනක් නිසාවෙනි.

monster

මෙම සටහන මගින් මෙවැනි සතුන් පෘථිවිය මත සිටිය හැකි ද යන්න සුබවාදී හා පුදුම සහගත ලෙස ප්‍රකාශ කර තිබෙනවා.” යනුවෙන් චිත්‍ර ශිල්පී මාක් ඇඩම්ස් Daily-mail හට පවසා තිබුණි.

නිදසුනක් ලෙස, ටෙක්සාස් ප්‍රාන්තයේ සැමගේ කතාබහට ලක්වන Big Bird නමැති සත්වයා අසින් දුටු පුද්ගලයන් පවසන පරිදි මුහුණ වානරයෙක් බඳු , ලේ වර්ණය සහිත රතුඇස් ඇති පියාඹන මෘගයෙකු බවට වාර්තා වී තිබේ.

පැරණි වාර්තා අනුව 1976 මුල් මාස කිහිපය තුළ එම සත්වයාගේ පහර දීම් උපරිම වුයේ දේශීය ගුවන් විදුලි නාලිකාවක් විසින් මෘගයා අල්ලා දෙන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව සදහන් කිරීමෙන් අනතුරුව බැව් සඳහන් වේ.

ඒ පරිදිම අසල්වැසි ප්‍රාන්තය වන, ලුසියානා හි honey Island නමින් හැදින්වෙන ප්‍රදේශයේ Swap Monster නම් සත්වයා ප්‍රචලිතය. උස අඩි 7(මීටර් 2) වන මෙම සත්වයාට අළු පැහැති කෙස්, කහ පැහැති ඇස් ඇති බවද, එම සත්වයාගෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවද සඳහන් වේ.

monster1

ඇමෙරිකානුවන් ‘Letiche’ නමින් හදුන්වන මෙම සත්වයා පළමු වරට හමුවන්නේ 20 වන සියවසේ මුල් භාගයේ දී එම ප්‍රදේශයේ දුම්රිය සුන්බුන් පිලිබඳ සිද්ධි දාමයක් මුල් කර ගනිමිනි.

එම විශ්වාසයට අනුව එම දුම්රියෙන් චාරිකාවක් යමින් සිටි සර්කස් කණ්ඩායමකට අයිති චිම්පන්සින් පිරිසක් වූ අතර, එම සතුන් කිඹුලන් සිටින ප්‍රදේශයකට පලා ගොස් කිඹුලන් සමග එක්ව වාසය කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම සත්වයන් බිහි වූ බව සඳහන් වේ.

මා විසින්, මාංශ භක්ෂක predatory cats, Shunka Warakin වැනි මෘගයින් හා Ozark Howler වැනි මෘගයින් සිතුවමට නගා තිබෙනවා.”පිලඩෙල්පියා මත පදනම් චිත්ර ශිල්පියා පවසා සිටියේ ය.

ලෝකයේ වෙනත් අවදානම අඩු ප්‍රදේශවල පවතින නමුත් යම් හේතුවක් නිසා මෙම සතුන් උතුරු ඇමරිකාවේ දිවි රැක ගැනීමට බොහෝ දුර උත්සාහ කරන බව දක්නට ලැබේ.”

එක්සත් ජනපදයේ සියලු පැරණි මෘගයන් අතරින් ප්‍රසිද්ධ Bigfoot – පැසිෆික් වයඹ දිග වනාන්තර ජීවත් වන විශාල ශරීරය පුරා කෙස් ඇති වානර මිනිසා.

monster2

Bigfoot වොෂින්ටනයේ වඩා ප්‍රසිද්ධ වන අතර, පසුගිය වසරේ මිනිසෙකුට සමාන නොවන විශාල පා සලකුණක් මිසිසිපි හිදී හමුවිය.- එය Bigfootට අයත් වේ යැයි බොහෝ දෙන විශ්වාස කලෝය.

එම පා සලකුණ සොයාගත්තේ Vicksburg හිදී Peyton Lassiter විසින් අගෝස්තු 12 දා වේ. ඉන් මාස නවයකට පසු, David Childers නම් පුද්ගලයෙකු විශාල අළු පැහැති සතෙකු වනාන්තර ප්‍රදේශයට පලා යන ආකාරය දැක තිබුණි.

මෙම සිතියමට, බටහිර වර්ජිනියාවේ Mothman, නිව් ජර්සි හි Jersey devil, ඉන්දියානා හි Busco මෘගයා හා දකුණු කැරොලිනාවේ Lizard Man ඇතුලු තවත් මෘගයින් කිහිප දෙනෙකු ඇතුලත් වේ.

තව මම හිතනවා ග්‍රාමීය ආකැන්සාස් කඳු වල රුදුරු වින්නැහියක් සිදුකලේ මොන්ටානා තැනිතලාවල නිදැල්ලේ සිටින cougar සතෙකු හෝ දරුනු වෘකයෙකු බව.” ඇඩම්ස් මහතා පැවසීය.

මේ ලෝකයේ අභිරහස් සහ මැජික් පිරි ඇදහිය නොහැකි තරම් විවිධ ස්ථාන හා සතුන් ඇති අතර, එත් ඒ සියල්ල විශ්වාස කල නොහැකි යැයි කිසිවෙකුට කිව නොහැක. මක්නිසාද යත්, ඒ සියල්ල හදුනාගෙන තිබෙනවා කියා නිශ්චිතව කීමට හැකියාක් නොමැති නිසා වෙනි.

-Daily mail පුවත්පත ඇසුරිනි.

Share Button

2 Comments

  1. අද්භූත මෘගයා June 7, 2016
    • ben 10 June 7, 2016

Add a Comment