ඉන්දියාවට ස්ට්‍රීට් වීව් එපා?

4968652334_829415ca19_b

ගූගල් සමාගම විසින් රට රටවල් කරා ව්‍යාප්ත කර ඇති ඔවුන්ගේ නවතම සේවා සැපයුම “ගූගල් ස්ට්‍රීට් වීව්” හෙවත් ගූගල් විදී දර්ශන එරට තුල ක්‍රියාත්මක වීම ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. ඉන්දීය රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වැඩි දුරටත් පැවසුවේ ආරක්ෂක හේතුන් මත එම තීරණය ගත් බවයි. ඉන්දියාවට පළමු වරට 2011දී මෙය හදුන්වා දුන් අතර, කැමරා උපාංග රැගත් මෝටර් රථය වීදි වල සැරිසැරීමට එරෙහිව බැන්ගලෝර් පොලිසිය ලබාදුන් ලිපියකට අනුව මසක පමණ කාලයකට පසුව ගූගල් සමාගමට මෙය අතහැර ගැනීමට සිදුවිය. නමුත් එතැන් පටන් ටජ්මහල් ඇතුළු විශේෂ ප්‍රසිද්ධ ස්ථාන වල ඡායාරූප ගූගල් ස්ට්‍රීට් වීව් යටතේ අන්තර්ජාලයට එක් කොට තිබිණි.

ගූගල් සමාගම විශාල පරිමාණයේ ඡායාරූපකරණ ව්‍යාපෘතියකට යෝජනා ඉදිරිපත් කර තිබුණත් එය මේ වසරේ මුල් කාලයේදී ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළේ රාජ්‍ය ආරක්ෂාවට එල්ලවන බලපෑම හේතු කොටගෙනයි. ඉන්දියාව තුල, ෆේස්බුක් සමාගම විසින් නොමිලේ ඉන්ටර්නෙට් සේවාවන් සැපයීමේ ව්‍යාපෘතියකටද ඉන්දීය රජයේ අනුමැතිය හිමිනොවීම මත ඔවුන්ටද එම ව්‍යාපෘතිය නවතා ගැනිමට සිදුවිය.

Share Button

Add a Comment