ඉන්දියාව මුහුණ දුන් 500 වැනි ටෙස්ට් තරඟයෙන් ලකුණු 197ක ජයක්….

සංචාරක නවසීලන්ත පිළ සමඟ කාන්පූර් හි පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 197ක ජයක් ලැබීමට ඉන්දියාව අද සමත් වුණා. මෙය ඉන්දියාව මුහුණ දුන් 500 වැනි ටෙස්ට් තරඟය වීම ද විශේෂත්වයක්.
ඉන්දියාව මුල් ඉනිම සඳහා ලකුණු 318ක් ද දෙවන ඉනිම සඳහා කඩුලූ 5ක් දැවී ලකුණු 377ක් ද රැස් කළා.

පළමු ඉනිමේ ලකුණු 262කට දැවී ගිය නවසීලන්ත පිළ දෙවන ඉනිමේදී ලකුණු 236කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. සිව් වන ඉනිමේ ලකුණු 434ක ඉලක්කයක් හිමි වූ නවසීලන්තය ඊයේ තරඟයේ 4 වන දිනය අවසානයේදී කඩුලූ 4ක් දැවී ලකුණු 93ක් රැස්කරගෙන සිටියා.

Image result for 500 test match india
Image result for 500 test match india

Image result for 500 test match india

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *