ඉන්දීය ගුවන් යානයට වුණේ මොකක්ද?

Indian_Airlines

අද බෙංගාල බොක්ක ප්‍රදේශයේ පියාසර කරමින් තිබූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අතුරුදහන් වී තිබෙනවා. චෙන්නායිහි ගුවන් තොටුපළකින් පිටත් වූ යානය පියාසර කරමින් තිබී ඇත්තේ අන්දමන් හා නිකබාර් දූපත් වෙතයි. මලක්කා සමුද්‍ර සන්ධියට ආසන්නයේ පිහිටි ඉන්දීය ගුවන් කඳවුරට භටයින් හා භාණ්ඩ ප්‍රවාහනයට මෙම යානය යොදාගෙන තිබුණා.

උදේ 8.30 ට පමණ චෙන්නායි නගරයෙන් පිටත් වූ ගුවන් යානය පොර්ට් බ්ලෙයාර් ගුවන් තොටුපළට ලඟා වීමට නියමිතව තිබුණේ උදේ 11.45 ට. ගුවන්ගත වූ යානය විනාඩි 45කින් පමණ රේඩාර් තිරයෙන් ඉවත්ව ගිය බව ඉන්දීය ගුවන් හමුදාව පවසනවා.

අඩි 23,000 ක් පමණ උසින් පියාසර කරමින් තිබූ එම ගුවන් යානයේ හමුදා නිලධාරීන් 23දෙනෙකු සමඟ ගමන් කරමින් සිටි මගින් සංඛ්‍යාව 29ක්.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට නැති වූ ගුවන් යානය සොයා ගුවන් යානා 2ක් හා නැව් 4ක් සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි.

Share Button

Add a Comment