ඉස්හොරි වලට තිත .

hair_scalp_s2_man_dandruffඉස්හොරි යනු අද ගෑනු පිරිමි දෙපිරිසටම මහත් හිසරදයක් වී ඇති ප්‍රශ්නයක්. ඔලුවේ සුදු පැහැති පොතු වැනි කුඩක් ලෙස ඇති මේ ඉස්හොරි බොහෝ දෙනෙක් හිතන්නේ එය ඔලුවේ ඇති හොරි වැනි රෝගී තත්වයක් ලෙසයි. නමුත් මෙය ස්වභාවිකව සිදුවන සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම හිස මතුපිට සමෙහිද සිදුවීම ඉස්හොරි ලෙස හඳුන්වනවා. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වෙනවා. ඒ වගේම හිසෙහි මතුපිට සමද පොතු කැබලි ලෙස ගැලවී ඉවත්වන චර්ම සෛල හිසකෙස් අතර රැ‍ඳෙන්නට පුළුවන්. මෙය ඉස්හොරි යන මහා අප්‍රසන්න, තද පැහැති ඇඳුම් ඇඳීම සීමා කරන ප්‍රශ්නයක් ලෙස සලකනවා. ඒවගේම තෙල් සහිත හෝ වියලි සමක් පිහිටි අයෙකුගේ ඇහිබැම මතද මේ තත්ත්වය ඇතිවිය හැකි අතර ඇස් වල රෝග හා කුරුලෑ තත්වයක් මතුවීමට ඉඩ තිබෙනවා.

index
වෙළඳපොලේ විවිධා කාර ඉස්හොරි මර්ධන ෂැම්පු වර්ග තිබුනද ඒවායේ ප්‍රතිඵල පිළිබඳ සැකයක් අද මතුවී තිබෙනවා. මේ ඉස්හොරි ප්‍රශ්නයෙන් පහසුවෙන් මිදෙන්නට හැකි සරල උපක්‍රම කිහිපයක් මේ ලිපියෙන් ඔබට දැනගත හැකි වෙනවා. මේවා සරල උපක්‍රම උනත් ඉක්මන් ප්‍රතිඵල ලඟා කරවනවා.

1. ඇස්ප්‍රින් ප්‍රතිකාරය
රෝග රැසකට වේදනා නාශකයක් වන ඇස්ප්‍රින් තුල ඉස්හොරි මර්දන හැකියාවක් පවතිනවා. මේ සඳහා ඔබ කලයුත්තේ ඇස්ප්‍රින් පෙති දෙකක් ගෙන හොඳින් කුඩු කර ඔබ භාවිත කරන ෂැම්පු ටිකක් සඟ මිශ්‍ර කර හොඳින් හිස මත ආලේප කිරීමයි. ආලේප කර විනාඩි 1-2 ක් පමණ සිට නැවත හිසකෙස් මුකුත් මිශ්‍ර නොකරපු ෂැම්පු යොදා සෝදා හරින්න. මෙය ඉස්හොරි මර්ධනය කරන එක් උපක්‍රමයක් වෙනවා.

2. තේ ගසේ තෙල්
තේ ගසේ තෙල්ද ඉස්හොරි මර්දනය කරන අපුරු ඖෂධයක් වෙනවා. ඔබ භාවිතා කරන ෂැම්පු එකට තේ ගසේ තෙල් බින්දු කිහිපයක් එකතු කර මේ වෙනස අත්විඳින්න.

3. බේකින් සෝඩා ප්‍රතිකාරය
ඔබගේ මුළුතැන්ගෙයි ඇති ද්‍රව්‍ය වලින් ඉස්හොරි මර්දනය කරගත හැකි බව ඔබ නිකමටවත් දැන සිටියද? නැතිනම් දැන් දැනගන්න බේකින් සෝඩා යනු ඉස්හොරි මර්ධනය කර හැකි අපුරු ඖෂධයක් වෙනවා. ඔබ නමෙන් පසු බේකින් සෝඩා කුඩු ස්වල්පයක් අත්ලමතට ගෙන හොඳින් හිස්කබල මතුපිට අලේප කර මද වෙලාවක් තබා සෝදා හරින්න. එය සිදු කර දවසකින් පමණ හිස අධික ලෙස වියලි ගතියක් දැනුනද සතියකට පසු හිසේ තෙල් ස්වභාවයක් දැකගත හැකිවෙනවා. බේකින් සෝඩා යනු හිස්කබෙල් ස්වභාවික තෙල් නිෂ්පාදනය ආරම්භ කරන ද්‍රව්‍යක් බව ඔබට දැකගත හැකි වෙනවා. මෙමඟින් ඉස්හොරි පාලනය වෙනවා.

4. මුඛ සෝදන ප්‍රතිකාරය(Mouthwash)
ඔබ භාවිත කරන මවුත් වොෂ් ස්වල්පයක් ඔබේ ෂැම්පු එක සමඟ එකතු කර මෙම වෙනස අත්විඳින්න.

5. පොල්තෙල් සත්කාරය
පොල්තෙල් කියන්නනේ හිසකෙස් පෝෂණයට මෙන්ම ඉස්හොරි මර්දනයටද හැකි අපුරු ඖෂධයකි. පොල්තෙල් ස්වල්පයක් ගෙන ඔබගේ හිස්කබලේ අලේප කර පැයක් පමණ සිට හොඳින් සෝධ හරින්න. එමඟින් ඉස්හොරි අවම කරගත හැකිවෙනවා.

මෙවන් සරල ප්‍රතිකර්ම සිදු කර මෙම ඉස්හොරි කරදරයෙන් නිදහස් වෙන්න ඔබටත් හැකි වෙනවා.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *