උපන් මාසයට අනුව දැනගන්න ආදරේදී ඔබ කොයි වගේද කියා…

1200x600

යොවුන් ආදරය ජිවිතයේ ලස්සන කාලපරිච්ඡේදයක ඇරඹුමක්. එහි ඇති සුන්දරවූ අත්දැකීම් සම්භාරයක ආශ්වාදය විදගැනීමට නම් ආදරය කල යුතුම වෙනවා. පුද්ගල ආශාවන් හා රුචිකත්වයන් මත තම සහකාරිය හෝ සහකරුවා සොයාගන්නා අතර දෙදෙනාගේ විශ්වාසය මත ගොඩනැගෙන මේ සියුම් මානසික හැඟීම ලෝකය කොතරම් ලස්සන තැනක් කරනවාද? ඔබ දැනටමත් ආදරය විඳින හෝ ආදරයක් සොයමින් සිටින පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ දෙනා තමන්ට ඇති වාසනාව, තමාගේ ඉදිරි ජීවිතය, අපගේ ආදර ජීවිතය මොනවගේ දැයි කලින්ම දැනගැනීමට ප්‍රිය කරනවා. ඔබ නොසිතන කරුණක් වුවත් ඔබ උපන් මාසය ඔබ පිලිබඳ බොහෝ දේ කියාපෑමට සමත් වෙනවා. එලෙස ඔබේ උපන් මාසයට අනුව දැනගන්න ආදරේදී ඔබ කොයි වගේද කියා..

imagevvs

ජනවාරි මාසයේ උපන් ඔබ

අධිෂ්ඨාන ශීලි ගති ඇති මොවුන් ඉතා සමාජශීලි පුද්ගලයන් වෙනවා. මෙම මාසයේ උපන් ආදරවන්තයින් ඉතා වාසනාවන්ත පුද්ගලයන් වෙනවා. ප්‍රශ්න වලදී එයට මනාව මුහුණ දී සියල්ල හොඳින් කලමනකරණය කරගන්නවා. තම සහකාරිය හෝ සහකාරයා පිලිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන මොවුන් විශ්වාසවන්ත පුද්ගලයන් වෙනවා. ආදරයේදී ටිකක් ආත්මාර්ථකාමී වන මොවුන් ඊරිසියා ගතිගුණ පෙන්නුම් කරනවා.

TEEN-LOVE-teenagers-29351998-1400-790

 

පෙබරවාරි මාසයේ උපන් ඔබ

මොවුන් යථාර්තවාදී, අධිෂ්ඨානශීලි සහ දක්ෂ පුද්ගලයන් වන අතර ලජ්ජාශීලි අවංක පුද්ගලයන් වෙනවා. නිදහස් ආදරයකට ප්‍රිය කරන මොවුන් සිමිත් බව දැනුන විට කෝප වෙනවා. අලුත් යාළුවන් ඇතිකර ගැනීමට කමත් මොවුන් සමාජශීලි සහ විනෝදකාමී පුද්ගලයන් වෙනවා. තම හැඟීම් කෙලින්ම ප්‍රකාශ නොකරන මොවුන් ආදරයේදී අතිශයින්ම අනුරාගී පුද්ගලයන් වෙනවා.

 

imacges

මාර්තු මාසයේ උපන් ඔබ

අවංක හා යහපත් ආත්මයක් ඇති මොවුන් ඉතා ලජ්ජාශීලි සහ රහසිගත පුද්ගලයන් වෙනවා. සිහින මැවීමට කැමති මොවුන් තම සහකාරිය හෝ සහකාරයා සතුටු කිරීම පිළිබඳව හොඳින් දන්නා පිරිසක් වෙනවා. ඉක්මනින් කෝපයට පත්වන මොවුන්ගේ ලිංගික ජීවිතය ඉතා සාර්ථක වෙනවා. මාර්තු මස උපන් තම සහකරුවා, සහකාරිය හෝ මිතුරන් සිටින පුද්ගලයන් වාසනාවන්ත පිරිසක් වෙනවා.

 

invdex

අප්‍රේල් මාසයේ උපන් ඔබ

මෙම මාසයේ උපන් පිරිස ඉතා නිර්භීත, ක්‍රියාකාරී පුද්ගලයන් වෙනවා. හැම විටම තම මිතුරන්ට උපකාර කිරීමට කැමති මොවුන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලි පුද්ගලයන් වෙනවා. ඊර්සියා ගති ඇති මොවුන් තම ලිංගික ජීවිතය නම් සාර්ථකව ගත කරනවා. හැඟීම් බර ආදරවන්තයින් මෙම මාසයෙන් දැකගත හැකි වෙනවා.

 

636029254197626346-774245137_Love-Story-v-Prage-001

මැයි මාසයේ උපන් ඔබ

මැයි මාසයේ පුද්ගලයන් මුරණ්ඩු වගේම ඉක්මනින් හදවතට ලං වෙන පිරිසක් වෙනවා. සිහින මැවීමට කැමති පුද්ගලයන් වන මොවුන් කලාවට ලැදි පිරිසක් වෙනවා. ඉක්මනින් කෝපයට පත්වන මොවුන් තමා කැමති පුද්ගලයන්ගේ බලපෑම් හමුවේ යටත් වන පිරිසක්. ආදර ජීවිතයේදී ඉතා සාර්ථකම ජිවිතයක් ගතකරන මොවුන් ලිංගික සම්බන්ධකම් ඉතා සාර්ථකව පවත්වන පිරිසක් වෙනවා.

 

imagcxes

ජුනි මාසයේ උපන් ඔබ

ජුනි මාසයේ උපන් පිරිස ඉතා කාරුණික, සංවේදී පුද්ගලයන් වෙනවා. සමාජශීලි සහ මිත්‍රශීලි ගති ඇති මොවූන් කටකාර පුද්ගලයන් වෙනවා. කලාතුරකින් ගැඹුරු හැඟීම් ඇතිවන මොවුන් ආදර ජීවිතය ඉතා සාර්ථකව ගතකරනවා. තම සහකරුවාගේ හෝ සහකාරියගේ වැරදි පෙන්වා දී ඒවා නිවැරදි කරගනිමින් තම ජිවිතයේ සතුට සොයා යන පිරිසක් වෙනවා.

 

love-240a

 

ජුලි මාසයේ උපන් ඔබ

ජුලි මාසයේ උපන් පුද්ගලයන් ඉතා විනෝදකාමී, අවංක වන අතර තේරුම් ගැනීමට අපහසු පුද්ගලයන් වෙනවා. තම ඉලක්ක සපුරා ගැනීමේදී හොඳ කැපවීමකින් කටයුතු කරන මොවුන් ආඩම්බර ගති ලක්ෂණ වලින් යුක්ත පිරිසක් වෙනවා. ආදර සම්බන්ධතා වලදී ඉතා හැඟීම් බරව කටයුතු කරන අතර තම සහකාරයා හෝ සහකාරියගේ සතුට ගැන වැඩියෙන් සිතන ඉතා හිතවත් පුද්ගලයෙක් වෙනවා. ඉතා ලස්සන ආදර ජිවිතයක් ගතකරන මොවුන් ලිංගික ජිවිතයද සාර්ථකව ගත කරනවා.

 

imsdfdages

 

අගෝස්තු මාසයේ උපන් ඔබ

මෙම මාසයේ උපන් අය ඉතා ආකර්ෂණීය එඩිතර හා නිර්භීත පුද්ගලයන් වෙනවා. සන්සුන් ගති ඇති මොවුන් තරහ ගියවිට ඉතා දරුණු පරිසක් වෙනවා. ඉතා පහසුවෙන් අලුත් මිතුරන් ඇතිකරගන්න මොවුන් ආදර සම්බන්ධතා වලදී ඉතා ස්වාධින වන අතර ඊරිසියා ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. ආත්මාර්ථකාමී ගති ඇති මෙම පිරිස ලිංගික ජීවිතයේදී ගැටළු වලට මුහුණ දෙන්නන් වෙනවා. සැමවිට අන්‍යොන්‍ය සබදතා පිළිබඳව සැලකිලිමත් වීමෙන් ආදර ජීවිතය සාර්ථක කරගැනීමට හැකි වෙනවා.

 

silhouette-2

 

සැප්තැම්බර් මාසයේ උපන් ඔබ

මෙම මාසයේ උපන් පිරිස ඉතා සානුකම්පිත සහ කාරුණික පුද්ගලයන් වන අතර විශ්වාසවන්ත, අවංක හා බුද්ධිමත් පිරිසක් වෙනවා. ආදර හවුල්කරුවන් තෝරා ගැනීමේදී බොහෝ සැලකිලිමත් වන මොවුන් රහසිගත ගති ලක්ෂණ උසුලනවා. ආදර සහ ලිංගික ජිවිත ගත කිරීමේදී ඉතා අනුරාගී පිරිසක් වන මොවුන් තම සහකරුවාට ඉතා ලෙන්ගතු පිරිසක් වෙනවා.

Sevginin-qaydalari238966

ඔක්තෝබර් මාසයේ උපන් ඔබ

මෙම මාසයේ උපන් ඔබ ආකර්ශනීය පෙනුමක් උසුලන පුද්ගලයන් වෙනවා. ප්‍රශ්න වලට හොඳින් මුහුණ දෙන මොවුන් ආදර සම්බන්ධතා හොඳින් පවත්වාගෙන යන විශ්වාසවන්ත පිරිසක් වෙනවා.

images

නොවැම්බර් මස උපන් ඔබ

මෙම මාසයේ උපන් පිරිස තම අනාගතය ගැන දීප්තිමත් අදහස් පිරි පුද්ගලයන් වෙනවා. ස්ථිර අදහස් ඇති මොවුන් ආදර සම්බන්ධතා වලදී ශක්තිමත් බැඳීම් ඇතිකර ගන්නා පිරිසක් වෙනවා. මොවුන්ගේ ඇති එකම දුර්වලකම නම් තම හැඟීම් පාලනය කරගැනීමට නොහැකි වීමයි.

imagrres

දෙසැම්බර් මාසයේ උපන් ඔබ

දෙසැම්බර් මාසයේ උපන් පිරිස ඉතා මිත්‍රශීලි අවංක පුද්ගලයන් වෙනවා. අදර ජීවිතය සාර්ථක වුවත් ලිංගික ජීවිතය තුල මොවුන්ගේ යම් යම් අඩුපාඩු දැකගත හැකි වෙනවා. විනොදශීලි පුද්ගලයන් වන මොවුන් තම සහකාරයා හෝ සහකාරිය පිලිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන පුද්ගලයන් වෙනවා.

inderfcex

 

Share Button

2 Comments

  1. Sini Banis September 27, 2016 Reply
  2. Namal Lakmal September 27, 2016 Reply

Add a Comment

Your email address will not be published. Required fields are marked *