උපන් ලප පිලිබඳ සුභ අසුභ

face of young beautiful brunette woman

ලෝකයේ විවිධ සංස්කෘතීන්ට අනුව උප්පත්තියෙන්ම සිරුරේ පිහිටා ඇති ලප පිලිබඳ විවිධ අර්ථ ලබා දී ඇත. මේවා සම්ප්‍රදායික ඉගැන්වීම්, අත්දැකීම්, මිත්‍යා විශ්වාස සහ ආගමික පසුබිම මත විවිධාකාරයට විග්‍රහා කෙරේ. බොහෝ විට උපන් ලප මිනිසෙකුගේ ගිය ආත්මයේ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇති වුවක් ලෙස උපකල්පනය කරයි. බොහෝ දෙනා මින් වාසනාව හා නිමිති පෙන්නුම් කරන බව සිතයි. එවැනි සුභ අසුභ නිමිති කිහිපයක් පහත දක්වා ඇත.

වම් කම්මුලේ හරි මැද පිහිටන උපන් ලපය – වාසනාවන්ත බව

ඇසේ ලපය – බුද්ධිය ලබාදීමක්

වම් කනට යටින් ලපය – වාසනාව සොයා යයි

නළල හරි මැද පහළ ඇස් දෙකට මදක් ඉහලින් – ජනප්‍රිය භාවයයි.

වම් පැත්තේ ඇසට් උඩින් ලපය – ධන සම්පත්

කාන්තාවකගේ තොල අසල හෝ තොලෙහි උපන් ලපය – කාමුක බව

කනට පහලින් උපන් ලපය – ජිවිතයේ සාර්ථකත්වය

බෙල්ලේ උපන් ලප කිහිපයක් – පෙම්වතුන් කිහිපයක්

පිරිමි වම් වැලමිට – කාමාතුර බව

පිරිමි දකුණු වළලුකර – ධනය , වාසනාව

පිරිමි වම් වළලුකර – කලාකරුවෙකු බවට පත් වීම

දකුණු උරහිස – ඤානවන්ත බව

වම් උරහිස – දබර

බෙල්ලේ කලු ලප – වාසනාවන්ත දරුවන්

බෙල්ලේ රතු ලප – සටන්කාමී බව

බෙල්ලේ වල තුල ලප – රෝගාතුර වීම

ඇසේ පිහාටු මත ලප – යහපත් සිතුවිලි වලින් පොහොසත්

නහයේ දකුණේ – විදේශ රැකියා

නහයේ වම් පැත්තේ – රාගාධික

මෙවැනි බොහෝ අර්ථයන් උපන් ලප පිළිබඳව අපට දැනගත හැක. මේවායේ අරුත් පිලිබඳ උනන්දුවක් දක්වන පිරිසට මෙය ඉතා රසවත් වේ.

Share Button

Add a Comment