ඔලුවේ මැටි ඇති මිනිසුන් කොළඹින් හමු වේ!

ඔබ මෙය ඇසූ පමණින් පුදුමයට පත් වනු නිසැකය. ඔලුවේ මැටි ඇතිව මිනිසුන් කෙසේ ජීවත් වනු ඇත්ද? අපිට මෙය වාර්තා කලේ අප කොළඹ වාර්තාකරු දර්ශන කුමාර මහතාය. ඔහු බොහෝ විට BMICH හි පැවැත්වෙන ප්‍රදර්ශන ආවරණය කිරීමට යයි. ඔහු පසු ගිය පොත් ප්‍රදර්ශනයෙන් පසු අපට පැවසුවේ,

mud in head
2016 පොත් ප්‍රදර්ශණය නැරඹීමට බොහෝ පිරිසක් පැමිණියා. ඔවුන් පොත් ගැනීම කෙසේ වෙතත් කඩවල තිබූ කෑම බීම හොඳින් අනුභව කර කුණු කසල බිම දමා සතුටින් විසිර ගියහ. ඔවුන් අතර සිටි සමහරක් ගැහැණු බොලිවුඩයේ නිළියන් ලෙස සැරසී පොත් වල පිට කවර පමණක් කියවමින් අනග රැඟුම් පා කඩවල සිටි පිරිමින් හට රසාස්වාදයක් ගෙන දුන්හ. තවද වැඩි පිරිසක් මිලදී ගත්තේ නව කතා පමණි. ඒවාද මෙලෝ රහක් නැති ආදර කතාය. මට පැහැදිලි වුයේ ලංකාවේ මිනිසුන් කියවීමට වඩා දෙඩවීමට දක්ෂ බවයි.

තවද ඔහු පසු ගියදා පැවති ඉංජිනේරු ප්‍රදර්ශනයට ද ගියේය.

ලංකාවේ තරුණ පරපුර මෙතරම් දක්ෂ යයි මා කිසි දිනක සිතුවේ නැත. ඔවුන් විසින් නිර්මාණය කර තිබූ බොහෝ නිර්මාණ වලට අපේ රටේ ආර්ථිකය දියුණු කල හැකිය. නමුදු අවාසනාවට එය නැරඹීමට පැමිණියේ සුළු පිරිසකි. අන්තර් පාසල් නව නිර්මාණකරුවන් සිටියේ කලකිරීමෙනි. මට පැවසීමට ඇත්තේ එක දෙයකි. ඔලුවේ මැටි ඇති මිනිසුන් රැසක් මට පොත් ප්‍රදර්ශනයේදී මුණ ගැසුණි!

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *