කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හද පායලා

03-girl_boy_holding_hands_love_romance_girl_boy_couple_hd_wallpaper_pictures

සේනානායක වේරලියද්ද මහතා විසින් ගායනා කරනු ලබන මේ ගීතය ඔබ විටෙක අසා තිබෙනවාට නිසැකයි. නමුත් මෙහි අරුත කුමක්දැයි යන්න පිළිබඳව එතරම් ගැඹුරින් නොසිතන්නට ඇති. සියඹලාගමුවේ අමරදාස මහත්මය අතින් තමයි ගීතය ලියවී තිබෙන්නේ.

සරලවම ලියවී තිබෙන මෙම ගීතයෙන් කතාබහට ලක් වෙන්නේ ලාබාල වයසේ පසුවන පෙම්වතුන් යුවලකගේ සුන්දර ආදර කතාවක්. අසීමිත ආදරය නිසාම පෙම්වතියගේ අදහස වෙන්නේ පෙම්වතා සමග කෙලෙස හෝ එකතු වීමය. එනමුත් පෙම්වතා බොහොම ඉවසිලිවන්ත, බුද්ධිමත් ආකාරයෙන් පෙම්වතියගේ අදහස් ගැන ඇයට වටහා දෙනවා.කාලයාගේ ඇවෑමෙන් දෙදෙනාටම එකතු වෙන්නට හැකි වාපිටාවක් බිහි නොවී තිබියදී, හිතුමතේ එකතු වීම නොකළ යුතු දෙයක්,එහෙම එකතු උනත් අනාගතය ගැන පැහැදිලි නැත.එම නිසා හරි වයස එනකන් ඉක්මන් නොවී ඉමු.ආදරය නිසාම හිතේ නොයෙක් හැගීම්  ඇති  වුනත් එක් වෙන්නට මේ සුදුසු කාලය නොවෙයි අටවක සඳ පුර හඳක් වෙන්නා වගේම නිසි කාලය ඒවි. එතෙක් ඉක්මන් නොවී  ඉමු,එක් වෙන්නට නුසුදුසු මේ කාලයේ  දෙමාපියන්ට කීකරු වී ඔවුන්ගේ ආදරය මැද ගෙවා, නිසි කාලය ආ විට හැම දෙනාගේම ආශිර්වාදයත් එක්කම අපි එකතු වෙමු.

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා……

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්…..
ගෙවා අටවක වැඩෙයි පුර සඳ
නොවී ඉමු ඉක්මන්…..

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්……
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්…..

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *