කළු ලප ඉවත් කරන සරල ක්‍රමයක්

get-rid-of-acne

අද බොහෝ කාන්තාවන්ට මහා හිසරදයක් වී ඇති කළු ලප, ඉක්මනින් ඉවත් කරගත හැකි විශ්මිත ක්‍රමයක් මෙම ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් වෙනවා. කාර්යබහුල ජීවිතයේදී විශේෂයෙන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන පීඩනයන් හා වෙහෙස වීම් හේතුවෙන් මුහුණේ අවපැහැ ගැනීම් සිදුවෙනවා. ඊට හේතුව විඩාබර මුහුණේ ඇති තෙල් ගතිය හා මැරුණු සමයි. කළු ලප යනු මුහුණේ තිබෙන රෝම කුප සහිත කුහර වල අතිරික්ත තෙල්, මැරුණු සම හා බැක්ටීරියා පිරීමෙන් ඇතිවන තත්ත්වයයි. මේ සඳහා සම හොඳින් දිනපතා පිරිසිදු කරගත යුතු අතර සබන් වෙනුවට ෆේස් වොෂ් එකක් යොදාගැනීමෙන් සමේ ඇති තෙල් ස්වභාවය නැති කර ගතහැකි වෙනවා. නමුත් මේ කාර්යබහුල ජිවිතයේ මුහුණ සේදීම සිදුකල හැකි වන්නේ දිනකට දෙවරක් පමණි. දහදිය, කුණු දුහුවිලි වලට මුහුණ දීම කාර්යබහුල කාන්තාවන්ට සාමාන්‍ය දෙයක් වුවත් ලස්සන මුහුණක් පවත්වා ගෙන යාම ඉතා අපහසු කාර්යයක් වෙනවා. මේ කළු ලප ගෙදරදීම ඉවත්කරගත හැකි සරල උපක්‍රමයක් පහත සඳහන් වෙනවා.

How-To-Get-Rid-Of-Blackheads-On-Nose-Fast-With-Toothpaste

ඔබ දන්නවද ඔබ දත් මදින ටූත් පේස්ට් එකෙන් ලස්සන වෙන්න පුළුවන් කියලා. මුහුණේ කළු ලප ඉවත් කිරීමට මෙය ගොඩක් වැදගත් වෙනවා.  කළු ලප සාමාන්‍යායෙන් පවතින්නේ නහය දෙපැත්තේ, නළලේ සහ කට වටෙටයි.
මේ සඳහා අවශ්‍ය වන්නේ පිරිසිදු දත් බුරුසුවක්, දත් බෙහෙත් ස්වල්පයක්, බේකින් පවුඩර් ස්වල්පයක් සහ පෙරහන් කරගත් ජලය ස්වල්පයක් පමණයි.

toothpaste-blackhead-remover
පළමුව මුහුණ මද උණුසුම් ජලයෙන් සෝදා හැර වියලා ගන්න. ඉන්පසු පිරිසියකට ටූත් පේස්ට් ටිකක් දමා ඊට බේකින් පවූඩර් ස්වල්පයක් එකතු කර ෆිල්ටර් කරපු ජල ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කර මුහුණේ කළු ලප ඇති ප්‍රදේශ වල හොඳින් ආලේප කර දත් බුරුසුවෙන් හෙමින් පිරිමදින්න. විනාඩි 5 ක් මෙය සිදුකර සෝදා හැරීම මඟින් මුහුණේ ඇති කළු ලප ඉවත් කරගත හැකි වෙනවා. සතියකට දෙවරක් පමණ සිදුකිරීමෙන් හොඳ ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනවා.

Share Button

One Comment

  1. cheap NBA 2K17 MT November 30, 2016 Reply

Add a Comment

Your email address will not be published. Required fields are marked *