ක්ලියෝපැට්රාගේ රූමත් බවේ රහස මේකද?

2016-09-13

ලොව වඩාත්ම රූමත් කාන්තාවන් වූ ඊජිප්තුවේ ක්ලියෝපැට්රා සහ චීනයේ යැන්ග් ගුයිෆි බණ්ඩක්කා කෑමට බොහෝ සෙයින් ප්‍රිය කළ බවට ඉතිහාසයේ සාක්ෂි තිබේ. බණ්ඩක්කා වල විටමින් A සහ C යහමින් අඩංගු වනවා සේම යකඩ සහ කැල්සියම් ලබාගැනීමේ හොඳ මාර්ගයක්ද වේ. එසේම පිෂ්ටය, මේද , භාෂ්ම, තයමින් හා රිබෝප්ලෙවින් ද එහි අඩංගු වන බැවින් ක්ලියෝපැට්රා සහ යන්ග් ගුයිෆි තම රුව රැක ගැනීම මවිතයක් නොවේ.

ශීත රටවල  වුවද ග්‍රීෂ්ම කාලයේදී මෙන්ම ඝර්ම කලාපීය රටවල මුළු වසර පුරාවට ද ඕනෑම තැනක බණ්ඩක්කා පහසුවෙන් වගා කල හැක. මෙය ඉතා ඖෂධීය ගුණයෙන් යුත් එළවලුවකි.

1417378840Okra-plant-and-flower1

බණ්ඩක්කා වල ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ

1.බණ්ඩක්කාවල ඇති විශිෂ්ට කෙඳි සහිත ස්වභාවය සීනි උරාගැනීම සීමාකිරීම මඟින් ලේ වල ඇති සීනි පාලනය කිරීමට උපකාරී වේ.

2.සිරුරේ ඇති හිතකර බැක්ටීරියා(probiotics) වර්ධනය සඳහා ද බණ්ඩක්කා කෙඳි ඉතා හිතකරය.

3.ගෙඩි සහ වණ සුවපත් කිරීම මෙන්ම සන්ධිවල නම්‍යශීලි බව රැකගැනීමට බණ්ඩක්කා භාවිතය මනාය.
okra4.මල බද්ධය නැති කිරීමට බණ්ඩක්කා ඉතා හොඳය.

5.මේදය තැන්පත් වීම නිසා රුධිර නාලිකා සිහින් වීමේ රෝගය සඳහා ද බණ්ඩක්කා යහපත්ය.

6.විශේෂයෙන් ආන්ත්‍රික ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන ඇතැම් පිළිකා ප්‍රභේද පැතිරීම වැලැක්වීම සඳහා ද බණ්ඩක්කා යෝග්‍ය වේ.

7.බණ්ඩක්කා මුහුණේ බිබිලි සැදීම වළක්වන අතර සුමට සහ රුවැති සමක් පවත්වාගෙන යාමට උපකාරී වේ.

මෙවැනි බොහෝ ප්‍රතිලාභ ඇති බණ්ඩක්කා ඔබගේ ආහාර වේලට එකතු කිරීමෙන් මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබටත් ලබා ගත හැක.

(උපුටා ගැනීමක්)

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *