කුසල් මෙන්ඩිස්ගේ දස්කම

kusal-mendis-sri-lanka

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. දෙවන ඉනිම සඳහා ක්‍රීඩා කරන ශ්‍රීලංකා ලකුණු පුවරුව ඔසවා තබන්නට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත්වුණේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙමින්.

අයහපත් ආලෝකය හේතුවෙන් තෙවන දිනයට තරඟය නතර කරන විට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169යි. කුසල් මෙන්ඩිස්ට සිය ඉනිම ගොඩ නැගීම සඳහා ඉතා අගනා සහයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 42යි. ඔස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබා ඇති ක්‍රීඩකයා කුමාර් සංගක්කාර වන අතර ඒ ලකුණු 192ක්. ඔහුට පමණක් දෙවැනි වෙමින් එම දස්කම දැක්වීමට සමත්වී ඇති කුසල් මෙන්ඩිස්, මෙරටදී ඔස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයාද වනවා.

තෙවන දිනය නිමාවේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 196ක් ඉදිරියෙන් පසු වන්නේ ලකුණු 282ක් ලබාගනිමින්.

Share Button

Add a Comment