කෙල්ලෙක් වශයෙන් ඔබත් දුර දිග හිතලද වැඩ කරන්නේ

slut-shaming-crying-girl-300x300

මෙය මට මගේ කාර්යාල දුරකතනයට පැමිණි ඇමතුමක් කතාවක් බවට පත් කිරීමකි. මේ කතාව කිසිවෙක් විසින් තමන්ගේ කර ගැනීම සම්බන්ධව මගේ කිසිම වගකීමක් නැත. මෙහි කාගේ හෝ හිතක් රිදවීමේ අරමුණක් හෝ වුවමනාවක් නැත. නමුත් අනාගතයේදී රිදෙන්නට නියමිත හිත් සුවපත් කිරීමේ වුවමනාවක් තිබේ. සැබෑවටම ‘අළු’ ලියන්නේ ඒ වෙනුවෙනි. වෙන කිසිම සිල්ලර වුවමනාවක් අප සතුව නැත. දැන් ශ්‍රී ලංකාවේද කෙල්ලන් සමූහ දූෂණය කරන්නට පටන් ගෙන තිබේ. කෙල්ලන් තමන් කෙල්ලන් බව නැවැත නැවතත් මෙනෙහි කළ යුතුය. බොහෝ විට ඕනෑම කෙල්ලකුට ජීවිතයේ කවදා හෝ කොල්ලකු ඉදිරියේ නිරුවත් වන්නට සිදුවේ. ඒක ස්වාභාවිකය. නමුත් ඔබ නිරුවත් වූවේ කවදාද කියන එක ප්‍රශ්නයක් නැත. නමුත් ඒ නිරුවත ලොවම දැකිය යුතුද? වඩාත් කල්පනාවෙන් සිතිය යුත්තේ ඔබය.

මම ඇයට නමක් දැමිය යුතු නැත. ඇයගේ නම කියන්නට මට පුළුවන්කමක් නැති බව ඔබ හොඳින්ම දනී.
“මගෙ ෆොටෝ දාල නචඨඥ හදල තියෙනව. ඒකට මොකක්ද කරන්න ඕන?”
ඒ ඇයගේ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයම තියෙනා තවත් කෙල්ලක්ද මට මුණ ගැසී තිබේ. මෙයට දෙන්නට දැන්නම් මගේ ළඟ විසඳුමක් නැත. ඒ තරමටම මේ ප්‍රශ්නය ගැට ගැසී තිබේ. පැටලී තිබේ. මුලද මැදද අගද පැටලී තිබේ.
“ඇත්තටම එයා මට ගොඩාක් ආදරෙන් හිටියා.
ගොඩාක්…
මම දන්නව එයා මාව කවදාවත් දාලා යන්නෙ නෑ. එයාට මාව දාල යන්නත් බෑ…”
ඇය ඇයගේ කතාව පටන් ගත්තේ එසේය.
“ඉතින් අපි අපිට ඕන විදියට ජීවත් වුණා…”
ඒ කියන්නෙ? මම අසමි.
“ඕන
ඕන
තැන්වල ගියා.
එයා අපේ ගෙදර ආව.
මම එයාගෙ වෙලයි හිටියෙ.”
ගෙදර එනව කියන්නෙ අම්මල තාත්තලත් දන්නව ඇතිනෙ?
“නෑ නෑ..
ඒ ගොල්ලන්ට හොරෙන්.
ගෙදර හුඟක් වේලාවට එයාල නෑනෙ. සර්වන්ට්ලයි මමයි.. එයාල අපෙ කාමරවලට එන්නෙ නෑ.”
එතකොට ඔයාලගෙ වයස?
“දාසයක් විතර ඇති.
ඔය ෆොටෝ ගැහුවෙ, ගෙදරද?
“ඔව්,
එයාගෙ බර්ත් ඩේ එකට මගෙන් තෑග්ගක් දුන්නෙ එහෙම. එයා මාව සම්පූර්ණ නියුඩ් දැකල තිබුණෙ නෑ. ඉතින් බර්ත් ඩේ නිසා මම එහෙම වුණා. එයා ෆොටෝස් ගත්තා.”
ඔයා එපා කිව්වෙම නැත්ද?
“නෑ,
හිත රිදෙයි කියල.”
එය ලංකාවේ කෙල්ලක විසින් පැවැසූ අපූරු කතාවකි. කෙනකුට මෙය පුදුම ආදරයකැයි සිතෙනු ඇත. කෙල්ල පුදුම කෙල්ලක් බවද, කොල්ල තක්කඩියෙක් බවද, ඔබ විසින් නිගමනය කරනු ඇත. නමුත් පූර්ව නිගමනවලට අනුව එළැඹෙන්නට පෙර ඔබ මේ ලිපිය පරිස්සමින් කියවිය යුතුය.
එයා එතකොට ඒ ෆොටෝස් ද දාල තියෙන්නෙ?
“ඔව්”
එතකොට
ඔයාලගෙ ආදරේ?
“ඒක ඉවරයි”
කවුද නතර කළේ?
“මම”
“ෆොටෝස් දාපු නිසාද?”
“නෑ.
මම ඊට කලින් නතර කළා. මට එයාව එපා වුණා.”
ඇත්තටම මේ කෙල්ලට සමහර විට පිස්සු විය යුතුය. නැත්නම් වෙනත් සුදුසු නමක් ඔබට සිතෙනවා විය හැකිය. මටත් සිතේ. නමුත් පුවත්පතකට ලිවිය හැකි මට්ටමකට සත්‍ය නොවන නිසා නොලියන්නට සිදුවේ. නැත්නම් මෙහෙම රෙදි ගලවා, නිරුවත් වී ඡායාරූප ගන්නටත් ඉඩදී අන්තිමට ඒ කොල්ලා අතහැර යන එළදෙනක් සිටිය හැකිද?
“ඉතින් මම ඒ සම්බන්ධෙ නතර කළා. එයා මාව බය කරන්න හැදුවා. මේ ෆොටෝස් දානවා කියල. එතකොට මට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඉතින් මට කරන්න දෙයක් නෑනෙ. මම ෆෝන් එකේ සිම් එක මාරු කළා.”
අතීසාරයට අමුඩය ගැසීමත්, පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමත් මේ වගේ වැඩය.
“ඊට පස්සෙ දවසක් මගෙ අලුත් බෝයි මට මේක කිව්ව, මගෙ ෆොටෝ වගයක් ටඡ එකට දාල කියල. මටත් පෙන්නුව. අන්තිමට එයාටත් එහෙම ෆොටෝ ගන්න ඕන වුණා. එයාට ඕන ඕන දේවල් කරගෙන දාලත් ගියා. මගේ ෆොටෝ ගැන හැමෝම දැන ගත්ත. ඒවා හැමෝගෙම ෆෝන්වලට යන්න ඇති. හුඟක් අය දැක්කා. අපි ටඡ එකට රිපෝට් කළා. එතකොට අයින් වුණා. ඊට පස්සෙ හරිනෙ. මම හිත හදාගත්ත. අපේ අම්මල දන්නෙ නෑ. ඔක්කොම අයින් කරන වැඩ කළේ මගේ යාළුවො.”
මවුපියන් මේ වෙන අවලං වැඩ ගැන දන්නේ නැත. විශේෂයෙන්ම මේ කියනා මවුපියන් නූගතුන් නොවේ. නමුත් ඒ උගත්කමෙන් ඇති වැඩක්ද නැත.
“පස්සෙ අපෙ තාත්තත් දැන ගත්තා.”
එතැන සිදුවන දේ ගැන විස්තර කරන්නට මේ ඉඩ මදිය. තම ආදරණීය දුවගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ දකින්නට තාත්තෙක්ට අම්මෙක්ට මොනතරම් පුළුවන් දැයි මම නොදනිමි. සමහරවිට ඒ අයගේ පපුව පැළී මිය යෑමටද ඉඩ තිබේ. වාසනාවකට එහෙම එකක් වුණේ නැත.
ඉනික්බිති නඩු දමා, නඩු අසා වරදකරුට දඬුවම් කර මේ ප්‍රශ්නය අවසන් වුණාය කියා වැඩක් නැත. ඔබ මේ ලිපිය කියවන මොහොත වන විටද ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ තිබේ. ඉන්දියානු ජාල දිගේ එහේ මෙහේ යයි. නමුත් ඇය ජීවත් වෙමින් සිටී. ඇයට ජීවත් වන්නට සිදුව තිබේ. මේ සා ප්‍රශ්නයක් හමුවේ ජීවත් වෙන්නට ඇයට ශක්තිය තිබීම ගැන ඇය ආඩම්බර විය යුතුය.
නමුත් අපිට ඇයගෙන් නොව, ඇය නොවන ඔබගෙන් අහන්නට ප්‍රශ්නයක් තිබේ. ඔබ ප්‍රේමකළාට හෝ අවලං ගමන් ගියාට, ඒවා ෆොටෝ ගහන්නටත් වීඩියෝ කරන්නටත් දෙන්නට තරම් මීහරක් විය යුතුද? එසේ වීමෙන් මෙයට වසර දහයකට පහළොවකට පසුව ඔබේම දරුවෙක් ඔබේ නිරුවත් ඡායාරූප නැරැඹීමේ අභිමානය විඳිය හැකිය. කෙල්ලන් වශයෙන් ඔබ යළි යළිත් සිතන්නට පටන් ගත යුතුය.

(උපුටා ගැනීමකි)
Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *