කොට කෙල්ලන්ගේ විලාසිතා

635948510253830014-1452798188_7687_tall

කොට ගැහැණු ළමයි හුරුබුහුටි වුනත් ඔවුන්ට විලාසිතා කිරීමේදී බොහෝ ප්‍රශ්න වලට මුහුණදීමට සිදු වෙනවා. සාමාන්‍යයෙන් අද වෙළද පොලේ පවතින විලාසිතා බොහොමයක් වගේ නිර්මාණය වී ඇත්තේ උස ගැහැණු ළමයින්ට. මේ හේතුවෙන් බොහොමයක් කොට ගැනු ළමයි තමන්ගේ විලාසිතා ගැන වද වෙනවා. එවැනි කොට ජිවිතයක් ගත කරන හුරුබුහුටි ගැහැණු ළමුන්ට තමන්ට ගැලපෙන විලාසිතා තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පහත දක්වා තිබෙනවා.

1. හිසේ සිට දෙපතුල දක්වා කරන විලාසිතා සඳහා එකම වර්ණයක් භාවිතා කිරීමෙන් ඔබගේ උස මායාවක් ලෙස පෙන්වීමට හැකි වෙනවා.

2f238128c0edb81968bef376c93832aa

2. හැම විටම අඩි උස සපත්තු භාවිතා කිරීමට පුරුදු වන්න. එමඟින් තමාගේ උස මනාව පෙන්වීමට හැකි වෙනවා.

30fe0ba940201b3c8b4174f9c8106a1f

3. ගොඩක් දිග වගේම කර ලොකු ටී-ෂර්ට්ස් කෙනෙක්ගේ මිටි බව තවත් හොඳින් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබට හරියටම සෙට් වෙන ටී-ෂර්ට් එකක් අඳින එක තමයි හොඳම විදිය. ටී ෂර්ට් එක බොහෝ විට තමන්ගේ ඇගට ගානට තිබෙන සහ ඉනේ උසට තිබෙන ඒවා අඳින්න.

000836120165_Black-With-White_0jpg

4. කොට අය ඇඳිය යුත්තේ කොට ඇදුම්. කලිසම් සහ සායවල් භාවිතා කිරීමේදී ටිකක් කොටට ඇඳීමෙන් ඔබගේ කකුල් ටිකක් උසට පෙනෙනවා.

2601087e9a43c18cf48d57fc675e113c

5. අඳුරු වර්ණ වලින් ඇති ඇඳුම් ඇදීමෙන් ද තමන්ගේ උස පෙන්විය හැක.

image1xl

6. ඉරි සහිත ඇඳුම් තෝරා ගැනීමේදී සිරස් අතට ඉරි පිහිටා ඇති ඇඳුම් තොර ගන්න.

baby-girl-clothes-set-toddler-kids-baby-girls

මෙවැනි කරුණු අනුගමනය කිරීමෙන් කොට ගැහැණු ළමුන්ට මනා ආත්ම විශ්වාසයකින් තමන්ගේ විලාසිතා සිදු කිරීමට හැකි වෙනවා.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *