ග්‍රහ යුද්ධ දෙකක් විපත් රැසක්

Astrology-planets-592x223

2015 ඔක්තෝබර් මාසයේ ග්‍රහ ලොව ග්‍රහ යුද්ධ 02ක් සිදුවීමට නියමිතය. එයින් පළමු ග්‍රහ යුද්ධය 2015 ඔක්තෝබර් මාසයේ 18 වැනි ඉරු දින පෙ.ව. 04.10ටද දෙවැනි ග්‍රහ යුද්ධය 2015 ඔක්තෝබර් මාසයේ 26 වැනි සඳුදා දින පෙ.ව. 01.33ටද සිදුවෙයි.ග්‍රහ ලොව ‍ෙදාළොස් ග්‍රහයන් අතරින් සුබවාදී ගුරු, සිකුරු හා පීඩාකාරී කුජ, මෙම වප් මහේ යුදවදී. එනම් 2015 ඔක්තෝබර් මාසයේ හෙවත් මෙම වප් මාසයේ ග්‍රහ ලොව ග්‍රහ යුද්ධ 02ක් සිදුවීමට නියමිතය. එයින් පළමු ග්‍රහ යුද්ධය 2015 ඔක්තෝබර් මාසයේ 18 වැනි ඉරු දින පෙ.ව. 04.10ට ග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා නැතහොත් සහෝදර කාරක ලෙයට අධිපති ග්‍රහ තාරකාව වන අඟහරු නැතහොත් කුජ හා ග්‍රහ ලොව තාපසතුමන් හෙවත් ගුරුන්ගෙත් ගුරු නොහොත් සුරගුරු නැතහොත් බ්‍රහස්පති පුත්‍රකාරක (ගුරු) අතර සිදුවන අතර එම ග්‍රහ යුද්ධයෙන් ග්‍රහ ලොව සුරගුරු හෙවත් ගුරු පරදා ග්‍රහ ලොව සෙන්පති හෙවත් කුජ ජය ගනී.

දෙවැනි ග්‍රහ යුද්ධය 2015 ඔක්තෝබර් මාසයේ 26 වැනි සඳුදා දින පෙ.ව. 01.33ට ග්‍රහ ලොව තාපසතුමන් හෙවත් ගුරුන්ගේත් ගුරු නොහොත් සුරගුරු නැතහොත් බ්‍රහස්පති (ගුරු) හා ග්‍රහලොව සුකුමාල සුරතලිය වන ලෞකික සුන්දර දෙයට අධිපති ග්‍රහ තාරකාව වන ශුක්‍ර හෙවත් සිකුරු අතර ග්‍රහ යුද්ධයෙන් ග්‍රහ ලොව සුරතලිය හෙවත් සිකුරු පරදා සුරගුරු හෙවත් ගුරු ජය ගනී.

එනම් මෙම ග්‍රහ යුද්ධ දෙකෙන් පිළිවෙළින් කුජ හා ගුරු ජය ලබන අතර සිකුරු පරාජයට පත්වනු ඇත. ඒ අනුව ග්‍රහ යුද්ධයකින් ග්‍රහයකු පරාජය වීම එම ග්‍රහයාගේ තත්ත්වය දුර්වල වීමකි. ඒ අනුව ග්‍රහයාගේ බලය දුර්වල වූ කළ උදාවන්නේ අසුබ හා පීඩාකාරී ප්‍රතිඵලයන්ය. නමුත් පිළිවෙළින් කුජ හා ගුරු ග්‍රහ යුද්ධයෙන් ජය ගැනීම හේතුවෙන් මුලින් ගුරු පරාජයට පත් වුවද දෙවැනි ග්‍රහ යුද්ධයෙන් ගුරු ජය ගැනීම හේතුවෙන් මෙම ග්‍රහ යුද්ධයන් වලින් සිදුවන අපල තත්ත්වයන්ගේ යම් පාලනයක් සිදුවනු ඇත.

එම හේතුව නිසා අප රටේ මෙන්ම මුළු මහත් පෘථිවි තලය පුරාම ඉතාම ප්‍රබල දේශගුණ හා කාලගුණ වෙනස්කම් ඇති විය හැකි අතර ලෝකය පුරාද අප රට ආශි්‍රතවද සාගරය ආශි්‍රත කැලඹීම්, ගංවතුර, නායයෑම් තත්ත්වයන් මෙන්ම සුළි සුළං තත්ත්වයන්ද විටින් විට දැක ගත හැකි වනු ඇත. මෙම කාලය අධ්‍යාපනය හා තරුණ ප්‍රජාව අතර ප්‍රශ්න ඇති වන අතර දරුවන්ට අයහපත් වනු ඇත. මහ පරිමාණ හොරුන් ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා කරන්නන්ට යම් පමණක දඬුවම් හිමි වන කාලයකි. පැවිදි උත්මන්ට හා ප්‍රභූන්ට සුබදායක නැත. මත්ද්‍රව්‍ය හා ඒ ආශි්‍රත ව්‍යාපාරවලට දැඩි දඬුවම් හිමිවන කාලයකි. රටේ ආර්ථිකය යම් පමණකට පසු බැසීමට ලක්වනු ඇත. පවතින රජයට වාසිදායක තත්ත්වයන් ඇති වනු ඇත. මෙම කාලය මහජනතාවට එතරම් සහන නොලැබෙන කාලයකි. මහජනයා අතර උද්වේගකාරී සිදුවීම් ඇතිවෙයි.

කාන්තාවන්ට, කුඩා දරුවන්ට හා රංගන ශිල්පිනියන්ට එතරම් සුබදායක නොවනු ඇත. රෙදි පිළි හා විසිතුරු භාණ්ඩ වෙළෙ¼දාමට බාධා හා කරදර එල්ල වන කාලයකි. මංගල කටයුතුවලට බාධා සිදුවන කාලයක් වන අතර දික්කසාද ප්‍රමාණය ඉහළ යා හැකිය. අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වන කාලයකි. පෙම්වතුන්ට මෙම කාලය සුබදායක නැත. ඩෙංගු හා බෝවන රෝග යළි හිස ඔසවයි. ලෝකයේ යම් යම් රටවල් ආශි්‍රතව යුද්ධයේ පීඩාකාරී බව ඇතිවනු ඇත. කෙසේ වෙතත් දේශගුණ හා කාලගුණ තත්ත්වයන් නිසා මහජනතාවට ක්ෂණික පීඩා ඇතිවනු ඇත. රිය අනතුරු, මංකොල්ලකෑම්, ගිනි අනතුරු හා පීඩාකාරී සිදුවීම්, අපරාධ, ස්ත්‍රී දූෂණ මෙම කාලයේ යම් පමණකට අඩුවීමට ඉඩ ඇත.

අපරාධ හා කාම රැල්ලේ අඩුවීමක් මෙන්ම තරුණ කාන්තාවන්ට හා නළු නිළියන්ට අපලදායක තත්ත්වයක්. රටේ ප්‍රබල සිනමා තාරකාවන්ට අපල දායක තත්ත්වයක් මෙන්ම විවිධාකාරයේ වසංගත රෝග පැතිරී යා හැකියි. එම හේතු නිසා හදිසි අනතුරුවලින් මිය යන ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ලැබේ. මෙම ඉහත ග්‍රහ යුද්ධ මේ සඳහා මූලික වනු ඇත. ලග්න වශයෙන් ගත් කල වෘෂභ, තුලා, ධනු හා මීන ලග්නවලට යම් පමණක පීඩාකාරී හා අපල තත්ත්ව ඇති විය හැකිය.

මෙම අපල තත්ත්වයන්ගෙන් මිදීමට ඉහත ලග්න හිමියන් කතරගම, විෂ්ණු, පත්තිනි යන දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කර ග්‍රහ අපල දුරුවේවායි ප්‍රාර්ථනා කරන්න.

Share Button

Add a Comment