ගැහැණු ළමයෙක් ඉන්ජිනේරුවෙකු සමඟින්ම විවාහ විය යුත්තේ ඇයි?

ඇයි ගැහැණු ළමයෙක් ඉන්ජිනේරුවෙකු සමඟින්ම විවාහ විය යුත්තේ!, හරි මෙන්න එහෙනම් දැන ගන්න ඇයි ගැහැණු ළමයෙක් නීති උපාධිදාරියෙක්, දොස්තර කෙනෙක් එහෙම නැත්නම්, කලාකරුවෙකු හෝ ගණකාදිවරයෙක් සමඟින් විවාහ වනවාට වඩා ඉන්ජෙක් සමඟින් විවාහ වීම වඩා උචිත කියල!

1. ඉතාමත් සුවපහසු ජීවන රටාවක් ගත කිරීමට ඇති හැකියාව
ඔබ දන්නවාද, ඔබගේ ඉන්ජිනේරු පෙම්වතාට පුළුවන්කම තිබෙනවා, ඔබට ඉතාම සුව පහසු ජීවිතයක් අනිවාරයෙන්ම ලබා දීමට. වයස අවුරුදු 27 පමණ වනවිට ඔහුට හැකියාව ලැබෙනවා ඉතාම හොඳ වැටුපක්, වාහනයක් ඇතැම්විට නිළ නිවසක් ලබාදෙන ස්ථීර රැකියාවකට උරුමකම් කියන්නට. එනිසා ඔබට ඔහුත් සමඟින් විවාහ වී ඉතාම සුවපහසු ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ.

නීති උපාධි අපේක්ශකයින්, ඒ වනවිටත්, ඔවුන්ගේ උපාධිය සම්පූර්ණ කර නොමැති අතර බොහෝවිට තවමත් ජෙ‍ය්‍ය්ශ්ට නීතිවේදියෙකු යටතේ, පුහුණුව ලබනවා ඇත.

බොහෝ කළමණාකරණ උපාධිදරයින්, ඒ වන විට ඔවුන්ගේ පළමු ව්‍යාපාර සැලැස්ම අවුල් කරගෙන සිටිනු ඇත.

කලා උපාධි සහෝදරයන්… ඔව්, තවමත් ජොබක් හොයමින් සිටිනු ඇත.

අනාගත දොස්තර සහෝදරවරුන් ඒ වනවිටත්, රෝහලටම කොටුවී සිටිනු ඇත.

2. කිසිවෙකුටත් සැසඳීමට නොහැකි සන්වේදී බව සහ ඉවසීම

අනිවාරයෙන්ම ඉන්ජිනේරු පෙම්වතෙක්, ඔහුගේ පෙම්වතිය තේරුම් ගැනීමට ඉතාම විශාල කාලයක් කැප කරනු ඇත.

එයට හේතුව,

ඉන්ජිනේරුවන්, ඔවුන්ගේ කාර්යයන් තේරුම් ගැනීමට ඉතාම විශාල කාලයක් වෙන් කිරීමයි. එමනිසා ඔබට අනිවාරෙන්ම තේරුම් ගැනීමට පුළුවන්, ඔහුට ගැළපෙන නිවැරදිම කෙනා ඔබ වුවහොත් ඔහු ඔබව තේරුම් ගැනීමටද ඒ හා සමානවම වෙහෙසෙන බවට. ඔවුන්ට ඔබව මුලදී තේරුම් ගැනීමට නොහැකි වුවත්, අනිවාරයෙන්ම ඔවුන් එයට සැමවිටම උත්සාහ කරනවා. කොතරම් උත්සාහ කළත් ඔවුන්ට ඔබව තේරුම් ගැනීමට නොහැකි වුවහොත්, ඔවුන් අඩුම ගණනේ ඔබව සතුටින් තබන ක්‍රමය හෝ සොයා ගන්නවා!( උදා:රත්තරන් මාලයක් තෑගි දී ඔබව සතියක් පමණ සතුටි තබා ගැනීම )

මෙලෙස ඔවුන් කෙසේ හෝ ඔබව සතුටින් තබන රහස සොයා ගතහොත්, ඔවුන් එය උපයෝගී කරගෙන නිතරම ඔබව සතුටින් තබනවා.

නීති සහෝදරයින්, අනිවා ඔබත් සමඟින් තර්ක කරනවා.

කළමණාකරණ උපාධිදරයින්, අනිවා ඔබගේ වියදම් කපා දමනවා. කලා සහෝදරයින්, බැරිම වුණොත් ඔබව අත හැර දමනවා.

දොස්තර සහෝදරයින්, ඔබව ඔපරේශන් කරාවි

ඔබ දන්නවාද, ඔබට පුළුවන් පහසුවෙන්ම ඉන්ජෙක්ට, ඔහුට උචිතම කෙනා ඔබ බවා හැඟවීමට. ඔබට කරන්න තියෙන්නෙ ඔහුගේ එක ප්‍රොජෙක්ට් එකක් ගැන අගය කරන්න විතරයි.

3. ඉන්ජිනේරු පෙම්වතෙක් කිසිම දිනක ඔබට වන්චාවන් නොරකරනු ඇත.
හරි, මුලින්ම බලමු මේකෙදි කොහොමද අපේ අනිත් සහෝදරයින්ගෙ ලකුණු කැපෙන්නෙ කියල.

අපේ නීති සහෝදරයින් අනිවාරෙන්ම ඔබට නිතර නිතර බොරු කියනු ඇත.

කළමණාකරණ සහෝදරයින් ඔබගේ මුදල් වන්චා කරනු ඇත.

කලා සහෝදරයින්, ඔබට නිතර නිතර ඇණුම් පද කියනු ඇත, දොස්තර සහෝදරයන්ට ඔබත් තව එක් ලෙඩෙක් ලෙස පෙනෙනු ඇත.

නමුත් ඔබගේ, ඉන්ජිනේරු පෙම්වතාට තවත් සන්බන්ධයක් පවත්වාගෙන යාමට තරම්  නිදහස් කාලයක් නැත. ඔහු එසේ සම්බන්ධයක් ඇති කර ගත්තත්, එය ඔබෙන් සඟවා තබා ගැනීමට තරම් ඔහු දක්ශයෙක් නොවේ. ඔබට හමුවන හොඳම පෙම්වතා ඉන්ජිනේරුවෙක් නිසා කිසිමවිටෙක් ඔබ ඔහුව අත් හැර නොයනු ඇත, එනිසාම ඔහුට වෙනත් සම්බන්ධයක් ගැන සිතීමටවත් නොහැකි වනු ඇත.

එමෙන්ම ඉන්ජන් යනු ඔබට හමුවන coolestම පොරවල් වේ!

අත්දැකීමෙන් ලියන ලද්දකි, බොරු නෙමේනෙ? 

 

-infothug.com

Share Button

Add a Comment