චේ

chepaper

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.

දිනය- 1967.10.09 …

චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර ඔහුගේ ඡායාරූප කීපයක් ගන්නා ලද අතර, ඔහු වෙත වූ සියළු

ලියකියවිලි ද ඡායාරූප ගත කරන ලදී. ඉන්පසු ගරිල්ලා නායකයාට වෙඩි තැබිය යුත්තේ කා විසින්දැයි තීරණය කළ යුතු විය. ඒ සඳහා රැස්ව සිටි හමුදා නිලධාරීන් අතර තුණ්ඩු අදින ලදී. වාසනාව හිමිවූයේ මාරියෝ ටෙරාන් නම් හමුදා නිලධාරියාටය. එක් වෙඩි උණ්ඩයකින් චේගේ ප්‍රාණය නිරුද්ධ කිරීම දුෂ්කර කාරියක් වන්නට ඇත. එසේත් නැතහොත් මාරියෝ දක්ෂ වෙඩික්කාරයෙකු නොවුණා විය හැක. ඔහු මුලින්ම පිට පිට වෙඩි හතරක් එල්ල කළේය. ඒ සියල්ල වැදුණේ චේගේ ඉණෙන් පහළටය. තවමත් එළඹි සිහියෙන්ද, නොසිඳුණු එඩියෙන් ද යුතුව සිටි චේ, ඒ මොහොතේ හමුදා ලොක්කන් ඇමතීය.

“මං දැනගෙන හිටියා උඹලා මාව මරා දමන විත්තිය. උඹලාට අහුවෙන්න මං පණපිටින් ඉතුරු විය යුතුව තිබුණේ නෑ. පිදෙල්ට කියාපල්ලා මට වූ මේ වැරදීම විප්ලවයේ අවසානය නොවන වග. එය කවදා හෝ වෙනත් තැනකින් මතුවේවි….

….ඒ වගේම මේ සොල්දාදුවන්ට උඹලා කියලා දෙන්න ඕනෑ හරියට ඉලක්ක කරලා වෙඩි තියන හැටි.” ඒ සමගම මාරියෝ ටෙරාන් පිට පිට තවත් වෙඩි දෙකක් චේට එල්ල කළේය. එකක් ඔහුගේ ගෙල පසාරු කරගෙන ගිය අතර අනෙක හදවතට එල්ලවිණ….

(-චේ- මාලනී ගෝවින්නගේ- 2000)

Share Button

Add a Comment