ජනාධිපතිතුමනි ඔබට ඔබේ අතීතය අමතකද?

අප ගරු ජනාධිපතිතුමන් මීට බොහෝ පෙර ග්‍රාම නිලධාරීවරයෙක් ලෙස රාජකාරී කර ඇත. ඔහු ග්‍රාම නිලධාරීන් විඳින දුක් වේදනා හොඳින් දනී. පොත් මිටි ගොඩක් වට කරගෙන තම පෞද්ගලික ජීවිතය පවා අමතක කොට කරනා රාජකාරිය ඔහුට හොඳින් වැටහෙනු ඇත. දැන් ඔහුට බලය ඇත. ඔහුට බලය ලැබුණු පසු තම අතීතයේ අමිහිරි අත්දැකීම් අමතක වුයේද?
අද ලෝකය ඉතා වේගයෙන් පරිගණකය සමඟ ඉදිරියට යයි. 2012 වසරේ එක්තරා තරුණයෙක් ගමේ පොත නමින් ශ්‍රී ලාංකීය ග්‍රාම නිලධාරීන්ට ඉතා වටිනා මෘදුකාංගයක් නිර්මාණය කළේය. ඔහු මේ වන විටත් තනිවම කිසිදු උදව්වක් නොමැතිව එය ඉදිරියටම කරගෙන යයි. එවක කිසිදු රාජ්‍ය නිලධාරියෙක් මෙම නිර්මාණය ගැන තැකීමක් කලේ නැත.  නමුත් මෙම මෘදුකාංගය අද ලංකාවේ සෑම ග්‍රාම නිලධාරියෙකු පාහේ භාවිතා කරයි හෝ හඳුනයි.

එය e-citizen හි ඇති තාක්ෂණික ගැටළු, ආරක්‍ෂිත ගැටළු වලට මනා ආදර්ශයකි. ගමේ පොත මෘදුකාංගය දත්ත ආරක්ෂාවට අංක එකේ නිදසුනකි. එය ඕනෑම පරිගණකයක කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වේ. අන්තර්ජාලය නැතිව හෝ ඇතිව එය ක්‍රියාත්මක කල හැකිය. මෙනිසා බොහෝ දෙනා මෙය මුදලට ගනී.

ගරු ජනාධිපතිතුමනි, එම මෘදුකාංගය මාසික ගාස්තු ක්‍රමයකට (රු: 190 මාසිකව) දැනට අලෙවි වේ. අප ග්‍රාම නිලධාරීන්ට මෙය තරමක ගැටලුකාරී මුදලකි. රොකට් යැවීමට තැත් කරන කොලු ගැටයෙකුට ඔබ මැදිහත් වී අදාළ සහාය ලබාදුනි නම්, ඔබේ අතීතය වන ග්‍රාම නිලධාරීන් හට අත දීමට මැලි වන්නේ මන්ද?

ශ්‍රී ලංකාව ඉතා කුඩා රටකි. කෘෂි කර්මාන්තය මඟින් හෝ වෙනත් පාරම්පරික ක්‍රමවේද මඟින් එය ගොඩ නැගීමට සිතන ඔබ කරන්නේ මහා අනුවණ ක්‍රියාවකි. කුඩා දුපතකට ගැලපෙන්නේ බැංකු කටයුතු සහ පරිගණක මෘදුකාංග ආශ්‍රිත අපනයන කටයුතුය. අප රටේ මෘදුකාංග නිර්මාණය කරන සැඟවුන තරුණ තරුණියන් හට අත දී අපේම ෆේස්බුක්, ගූගල්, යාහූ වැනි නිර්මාණ බිහි කිරීමට ඔබට බලය ඇත. මඳක් සිතන්න … පරිගණකය යොදා අපේ රට ලෝකයේ ඉහලටම ගෙන යාමට ඔබට බලය ඇත. වෙනසක් කරන්නට ඔබට භාරයි!

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *