ට්‍රම්ප්ට අකමැති අය…

ඇමරිකා ජනපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් යනු අප්‍රසන්න පුද්ගලයකු බවත්, අන්තර්ජාතික වශයෙන් ගත් කළ ඔහු මුළු ලොවටම අවදානමක් බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Image result for zeid al hussein angry

මේ අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ වරදකරුවන්ට වද හිංසා පැමිණවීම ගැන අදහස් දැක්වීමත්, ආන්තික ජන කොටස් කෙරෙහි ඇති ඔහුගේ ආකල්පයත්, සම්බන්ධයෙන් තමාගේ කිසිඳු කැමැත්තක් නොමැති බවය.

රට රටවල දේශපාලන කටයුතු වලට ඇගිලි ගැසීමේ වුවමනාවක් තමාට නැතත්, අවදානම් සහගත මට්ටමේ සිටින ජන කොටස්හි ඉරණම තීරණය කිරීමේ සමත් වන මැතිවරණයක් පැවැත්වෙන විට හා මැතිවරණ අපේක්ෂකයකු ප්‍රසිද්ධියේම වද හිංසා පැමිණවීම ගැන අදහස් දක්වන විට, එම ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම තම යුතුකමක් සේ සළකන බවද ඔහු කීවේය.

තම මැතිවරණ ප්‍රචාරන කටයුතු වලදී වරක් අදහස් දැක්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් සඳහන් කළේ ඇමරිකාව මේ දක්වා භාවිතයට ගත් වද දීමේ ක්‍රියාමාර්ගයන්ට වඩා දරුණු ක්‍රියාමාර්ග හඳුන්වාදීමට තමා කටයුතු කරන බවයි.මෙක්සිකෝ දේශසීමාව වටා තාප්පයක් බැදීමටද තමාගේ සැළැස්මක් ඇති බව  තවත් වරක් පැවසූ ඔහු ඇමරිකාව වෙත පැමිණෙන මෙක්සිකෝ සංක්‍රමණිකයන් ඇතැමෙක් ස්තී‍්‍ර දුූෂකයන් සහ මිනීමරුවන් යැයිද කීවේය.

ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා මෑතක් වන තුරුම කරට කර තරගයක නියැලී සිටි ට්‍රම්ප් දැන් ක්‍රමයෙන් පසු බසිමින් සිටින බවක් පෙනෙන්නට තිබෙන අතර එයට ප්‍රධානම හේතුව වන්නේ ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් ඉතාම අශෝභන ලීලාවෙන් අදහස් දක්වනු ඇතුලත් වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ නිදහස් වීම නිසා ඔහු කෙරේ ඇතිව තිබෙන විරෝධයයි.

මේ නිසාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය අහෝසි කරන ලෙස ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා හිලරි ක්ලින්ටන්ට සහය දක්වමින් පැවතී රැළියක් අමතමින් රිපබ්ලිකන් පක්ෂ ජෙෂ්ඨයින්ගෙන් ඉල්ලා සිටියේය.

President Obama delivered a scathing critique of Donald Trump on Sunday, labeling the Republican presidential candidate 'insecure'

මෙම වීඩියෝව නිදහස් වීම හමුවේ ඔහු නියෝජනය කරන රිපබ්ලියන් පක්ෂයේ ඇතැම් සාමාජිකයින්ද ඔහු කෙරෙන් ඈත් වීමට පටන් ගෙන ඇත. ට්‍රම්ප් ඔවුන්ව හඳුන්වාදී තිබෙනුයේ ද්‍රෝහීන් ලෙසය.

Image result for trump

 

 

උපුටාගැනිමකි.

 

 

Share Button

Add a Comment