ටැටූ කලාවෙන් ඇත්විය යුතුද?

red-hair-girl-tattoo-skulls-and-blue-roses

ටැටූ කලාව සිංහලයෙන් හැඳින්වුයේ පච්ච කෙටීම ලෙසින්ය. එහෙත් අද පච්ච කෙටීම යන වචනය ඒ  තරම් හුරු බවක් පෙනෙන්නට නැත. බොහෝ දෙනෙක් මේ කලාවට කියන්නේ ටැටූ ලෙසින්මය. කවුරුන් කෙසේ කිවත් මේ වන විට ටැටූ කලාව රටේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය කලාවකි. රූපලංකාරය පිළිබඳව උනන්දු වන්නන් විසින් සිදු කරනු ලබන එක අලංකරණයක් වන්නේ සමෙහි ආකර්ෂණශීලි ලෙසින් යොදන මෙම පච්චයන්ය. ටැටු කලාවේදී සැමට යම් සෞඛ්‍යමය අවදානමක් ද පවතින බව ඇමෙරිකාවේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු සොයා ගෙන ඇත. පච්චයක් යනු සමේහි අඳිනු ලබන ස්ථිර මැකිය නොහැකි රූ රටාවකි.මෙම රූ රටාව සමෙහි ඉහල ස්ථරයේ සෛල වර්ණක මඟින් වර්ණ ගැන්වෙන අතර ඉඳිකටුවක් යොදා ගැනෙයි.

වර්තමානයේ මේ සඳහා කුඩා යන්ත්‍රයක් භාවිත කරන අතර මහන මැෂිමක කටු සමාන ක්‍රියාවලියක් මඟින් මෙම රූ රටා නිර්මාණය කෙරෙයි. මේ සඳහා කෘත්‍රිම ඩයි වර්ග භාවිත කරන අතර රුධිර වහනය වීමක් සහ වේදනාවක් ඇති වේ. මෙහි ඇති තර්ජනය වන්නේ අසාත්මිකතාවයන්ය. ඒ සඳහා භාවිත කරන ඩයි වර්ග වෙසෙසින්ම රතු පැහැ ඩයි වර්ග ආසාත්මිකතාවයන් ඇතිකරවීමට ඉඩ තිබේ. එමනිසා වර්ණ තෝරාගැනීමේදී ආසාත්මිකතා ඇති නොවන බවට තහවුරු කරගැනීමට පුර්ව පරීක්ෂණයක් සිදු කිරීම නුවනට හුරුය. තවත් සෞඛ්‍ය ගැටළුවක් වන්නේ මෙම පච්ච සමඟ විවිධ බැක්ටීරියා සහ වෛරස ආසාදන ඒ සඳහා භාවිත කරන උපකරණ හෝ අදාල ශිල්පියා හෝ සෞඛ්‍ය පුරුදු මත ඇතුළු විය හැක. පච්ච නිසා විවිධ රුධිර ගත රෝග වැලදීමේ හැකියාවක් පවතී.

භාවිත කරන උපකරන නිසි පරිදි විෂබීජ නාශනයට ලක් නොකිරීම හේතුවෙන් මෙවැනි තත්වයක් නිර්මාණ විය හැක. ටැටූ වලින් සම සරසා ගන්නන්ට කලාතුරකින් ඇතිවිය හැකි සෞඛ්‍යමය තර්ජනයක් වන්නේ ඔවුන් එම.ආර්.අයි පරීක්ෂණයකට ලක් කල අවස්ථාවලදී අදාල පච්ච ඇති ස්ථාන පිළිස්සීමේ ඇති අවදානමයි.

සමෙහි අලංකාරත්වය සහ රූ සොබාව වෙනුවෙන් ටැටූ කොටා ගන්නා තාරුණ්‍යය මේ සෞඛ්‍ය තර්ජන පිළිබඳව අවධානය යොමු කල යුතුමය. මෙම තර්ජන හේතුවෙන් ටැටු කලාවෙන් ඈත් වී සිටිය යුතුමද? නැත. ඔබට එය සිදුකිරීමට කලයුතු පියවර කිහිපයක් ඇත. විශ්වසනීය ටැටු ශිල්පියෙකු සොයා සෞඛ්‍ය ආරක්‍ෂිත ව එය සිදු කල යුතුය. ඔහු ටැටූ කොටන්නේ අත්වැසුම් පැළඳීමෙන් අනතුරුවද  යන්න නිරීක්ෂණය කල යුතුය. වරක් භාවිත කර උපකරණ විෂබීජ හරණය කරනවාද යන්න නිරික්ෂනය කරන්න. සෑම විටම පච්චය පිරිසිදුව තබාගත යුතු සේම මොයිෂ්චරයිසින් අලේපනයක් ගැල්විමද වැදගත් වේ. පච්චය පැය කිහිපයක් යනතුරු දැඩි හිරු රශ්මියෙන් වලක්වා ගැනීමද හොඳ පියවරකි.

(උපුටා ගැනීමක්)

Share Button

Add a Comment