ටොයෝටා සමාගමට ලෙඩක්..!

ලොව සුවිශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයෝටා සමාගම මෑතදී වෙළඳපොළට නිකුත් කළ මෝටර් රථ 14 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යළි කැඳවා ඇතැයි එරට ආරංචි පවසයි.එම මෝටර් රථවල වායු බැලූන සම්බන්ධ දෝෂයක් මීට හේතුව බව කියති.

ප්‍රියස් හා ලෙක්සස් යන මෝටර් රථ වර්ග ඊට අයත් බව සඳහන්ය. ඇමරිකාව, යුරෝපය, ජපානය හා චීනය ඇතුළු රටවල් රැසකට අලෙවි කැරුණු එම මෝටර් රථ යළි කැඳවා ඇතැයි ටොයෝටා සමාගම පවසයි.

නමුත් වායු බැලුනවල දෝෂය හේතුවෙන් මෙතෙක් අනතුරක් සිදුව නැති බවද ටොයෝටා සමාගම ප්‍රකාශ කරයි.

-lankadeepa

 

 

යලි කැඳවනවා කියන්නේ ජපානෙට යලි ගෙන්නනවා නෙමෙයි. අදාළ වාහනය ලඟම තියෙන ඒජන්ත ආයතනය වෙත ගෙන්වාගෙන ප්‍රශ්නය පිළිසකර කර දෙන එකයි. මේ හැම වාහනයකටම විකුණුම් මිල නියම කරද්දී මේ වගේ ප්‍රශ්නයක් මතු උනොත් යන වියදමත් ඇතුලත් කරලයි තියෙන්නේ . ඒ නිසා අමතර වියදමක් යන්නේ නැහැ ටොයෝටා හෝ වෙන ඕනෑම වාහන සමාගමකට. හැබැයි එහෙම ප්‍රශ්නයක් මතු නොවුනොත් එම මුදල ලාබයට එකතු වෙනවා.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *