තම වීරයා පරදවා වීරයෙකු වූ schooling

14022287_10157147835550411_1849066682960588736_n

මෙවර ඔලිම්පික් උළෙල ආරම්භයේ පටන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ ක්‍රීඩාවක් වූයේ පිහිනුම් ඉසව්වයි.

ඒ ලෝක ශූර අමෙරිකානු ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් නැවතත් තම රන් පදක්කම් එකතුව වැඩි කරගනිමින් ජයග්‍රහණ ලබා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඊයේ පැවති මීටර් 100 සමනල ආර ඉසව්වේදී නොසිතූ ලෙස සිංගප්පූරු ක්‍රීඩකයෙක් රන් පදක්කම හිමි කරගනිද්දී පෙල්ප්ස්ට එහි රිදී පදක්කම හිමි වූවා.

ඔහු නමින් ජෝශප් ස්කුලීන් වන 21 හැවිරිදි තරුණයෙක්.

තත්ත්පර 50යි දශම 3යි 9ක කාලයකින් තරගය නිම කරමින් නව ඔලිම්පික් වාර්තාවක් ද තම නම ඉදිරියේ සටහන් කරගැනීමට ඔහු සමත් වූවා.

ඔහුගේ ක්‍රීඩාවේ වීරයා පෙල්ප්ස් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ නමුත් තත්ත්පර 49යි දශම 8යි 2ක් වන මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ  අමෙරිකානු ක්‍රීඩක මයිකල් පෙල්ප්ස්.

ජෝශප් ස්කුලීන් මීට වසර කිහිපයකට පෙර එනම් 2008 Beijing Olympic උළෙල නැරඹීමට යන්නේ තම ක්‍රීඩා ලෝකයේ වීරයා වන පෙල්ප්ස් හමුවීමේ අරමුණ ඇතිවයි.

එහිදී 13 හැවිරිදි කුඩා ජෝශප් පෙල්ප්ස් සමඟ ඡායාරූපයක් ලබා ගන්නේ තමන්ද කෙසේ හෝ ඔහු වැනි විශිෂ්ඨයෙක් වීමේ බලාපොරොත්තුවද සමඟයි.

තම සිහිනය වෙත පැමිණි ජෝශප් මෙවර (2016) ඔලිම්පික් උළෙලේදී පෙල්ප්ස් පරාජය කර රන් පදක්කම හිමි කර ගන්නේ උත්සාහය මත කළ නොහැක්කක් නොමැති බව ලොවටම පෙන්වා දෙමින්.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මෙම නව ක්‍රීඩා තරුවට සුභපැතුම් එක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජෝශප් ස්කුලීන් සිය ජාතියටම සාඩම්බරයට පත් විය හැකි දස්කමක් පෙන්නුම් කළ බවයි.

ස්කූලින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් ප්‍රකාශ කළේ ඔහු සිය ජාතියටම සාඩම්බරයට පත් විය හැකි දස්කමක් පෙන්නුම් කළ බවයි.

2008 සහ 2012 යන ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකේදීම මෙම ඉසව්වේ රන් පදක්කම්ලාභියා වූ පෙල්ප්ස් වැනි ප්‍රභල ක්‍රීඩකයකු පරාජය කරවීමේ එකම ශක්තිය කැපවීම හා පුහුණුව බවටයි ජෝශප් ස්කුලීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

-hirunews

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *