තලෙළු බවට තිත

HD-Tanning_December_Benefits-of-UV-Free-orig

ඔබ තලෙළු කෙනෙක් නම් පැහැපත් වීමට වඩාත් කැමැත්තක් දක්වනවා ඇති. මේ නිවසේදී වැඩි වියදමකින් තොරව තලෙළු බව නැති කිරීමට ඔබට අනුගමනය කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක්.

දිනපතා ඔබේ සිරුරේ බරට සරිලන ප්‍රමාණයට වතුර පානය කරන්න. උණුසුම් දවසක් උනත් සීතල දවසක් උනත් එක සමාන ලෙස වතුර පානය කිරීම ඉතා වැදගත්. සිරුර නිරන්තරයෙන් විජලනයෙන් ආරක්ෂා කරගන්න. ඔබේ සමට එය සැබවින්ම ආලෝකයක් වේවි.

ලෙමන් යුෂ, පිපිඤ්ඤා යුෂ හා රෝස වතුර එකට මිශ්‍ර කර තලපයක් ආකාරයට සකස් කර ගෙන මුහුණේ ආලේප කර විනාඩි 20කින් පමණ සෝදා හරින්න. ලෙමන් යුෂ වල තිබෙන අම්ලාකාර ගුණය මගින් සමේ තලෙළු බව අඩු කරයි. පිපිඤ්ඤා හා රෝස වතුර සමට සිසිලසක් ගෙන දෙයි.

තවත් ඒ ආකාරයේම මුහුණු ආලේපනයක් ඔබට සකස් කර ගත හැකියි. ලෙමන් යුෂ හා මී පැණි මිශ්‍ර කර. තලෙළු ප්‍රදේශ වල එම මිශ්‍රණය ආලේප කිරීමෙන් සමේ පැහැයේ පැහැදිලි වෙනසක් ඔබට අත්විඳිය හැකියි.

ඔබේ ආච්චි හෝ අම්මා භාවිතා කළ අත්බෙහෙත් අදටත් වලංගුයි. මොහොතකටවත් ඒ ගැන ඔබ හිතුවාද?  කහ සහ කිරි එකට මිශ්‍ර කර සාදා ගන්නා ආලේපයක් අවපැහැ ගැන්වුණු ස්ථාන වල ආලේප කිරීමෙන් සමේ දීප්තිමත් ස්වභාවයක් වඩා වර්ධනය කර ගත හැකියි.

මීකිරි, කඩල කුඩු හා ලෙමන් යුෂ මිශ්‍ර කර මුහුණේ ආලේප කර හොඳින් scrub කිරීමෙන් සමේ මැරුණු සෛල ඉවත් වී අව පැහැය අඩු කරයි. එමෙන්ම කෝමාරිකා හා පොල්වතුර සමේ ආලේප කිරීම ද සමට ඉතා හිතකරයි.

ඉහත ප්‍රතිකර්ම කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඔබ එළියේ අව්රශ්මියට නිරාවරණය වෙද්දී අනිවාර්යෙන්ම sun cream එකක් ආලේප කළ යුතුයි.ඊට අමතරව සමේ රෝම ඉවත් කිරීම මගින් සමේ දීප්තිය නිරතුරු පවත්වාගත හැකියි. මතක තබාගන්න ඔබ සුන්දරයි. ඒ සුන්දරත්වය පවත්වා ගන්න. ඒ සඳහා අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිකර්ම කරන්න.

Share Button

Add a Comment