තුර්කියට මාස 3ක් හදිසි නීතිය

1039448881

පසුගිය සතියේ තුර්කියේ ඇති වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මාස 3ක කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති තායිප් අඩර්ජන් තීරණය කර තිබෙනවා. ඒ අනුව නව නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතියක් රහිතව තීරණ ගැනීමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලතල හිමි වනවා.

අසාර්ථක වූ කුමන්ත්‍රණයෙන් පසු තුර්කි රජය විසින් ආරක්ෂක අංශ සාමාජිකයින් 10,000 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන හෝ සේවයෙන් පහ කර ඇත. පාසැල් 600ක් පමණ වසා දමා ඇති අතර රාජ්‍ය සේවකයින් දහස් ගණනක් සේවයෙන් නෙරපා තිබෙනවා.

මෙම මාස 3ක හදිසි නීති ක්‍රියාත්මක වීම හේතුවෙන් ජනාධිපතිවරයාට සිය බලතල කිසිදු බලපෑමකින් තොරව භාවිතයට ගැනීමේ අවස්ථාව උදා වන අතර ඔහු හා කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුව මග හරිමින් නීති පැනවීමට කිරීමට හැකි වනවා. අධිකරණය විසින් කිසිවක් අභියෝග කිරීමට නොහැකි වනු ඇති අතර ප්‍රකාශන හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට දැඩි වාරණ පැනවෙනවා.

මේ සම්බන්ධයෙන් තුර්කියේ අන්කාරා නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී විශේෂ කතාවක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම පාර්ශවයන් මුලිනුපුටා දමන බවයි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *