දත් කුහර වලට ස්වභාවික ප්‍රතිකාරයක්

 

shutterstock_216984226-1-e1465990874820

දත් කුහර අද බොහෝ මිනිසුන් සඳහා ඇති පොදු සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව තිබෙනවා. කාර්යබහුලම ස්ථානය වන මුඛයේ, බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් මෙම දත් කුහර ඇතිවෙනවා. ආහාර ගැනීමෙන් පසු මුඛය හොඳින් පිරිසිදු කිරීමෙන් මෙම දත් දිරායාම අවම කරගත හැකි වෙනවා. දත් බෙහෙත් හෝ මුඛ සෝදන මඟින් පිරිසිදු කරත් අපි ගන්න ආහාර රටාව අනුව මෙම එන්සයිම හා බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අවම කරගැනීමට අපහසු වෙනවා. අපගන්නා සෑම ආහාර වේලකට පසුව දත් මැද පිරිසිදු කලයුතු වුවත් එය අප උදේ සහ රාත්‍රී නින්දට යාමට පෙර සිදු කරනවා. බොහෝවිට රාත්‍රී දත් මැදීම අමතක කරන පිරිස වැඩියි. මේ හේතුවෙන් දත් එනමලයේ ඇති එන්සයිම වල බැක්ටීරියා ක්‍රියාත්මක වී දත් දිරා යාම සිදුවෙනවා. මේ නිසා දන්ත වෛද්‍යවරු කාර්යබහුල වී සිටිනවා. ඒ වගේම මෙම කුහර පිලිබඳ නොසැලකිල්ලක් දැක්වීම හේතුවෙන් දිගු කාලීන බලපෑම මත මුඛ පිළිකා තත්වයක් මතු වීමට ඉඩකඩ තිබෙනවා.

දත් පිරවීම, ස්නායු පිරවීම හෝ දත ගැලවා දැමීම සිදු කිරීමෙන් කුහරය ඇති දතට යම් පිලියමක් කර මෙම තත්වය මග හරවා ගත හැකි වෙනවා. නමුත් මෙය තාවකාලික සහනයක් වන අතර 2012 වසරේ ඇතලෝන් ආයතනය විසින් මේ සඳහා දිගුකාලීනව සහනයක් ලබා ගත හැකි පිලියමක් සොයාගෙන තිබෙනවා. ඔවුන් මේ සඳහා අපි එදිනෙදා මුළුතැන්ගෙයි භාවිත කරන පොල්තෙල් උපයෝගී කරගෙන තිබෙනවා. පරීක්ෂණ වලට අනුව පොල් තෙල් මඟින් හානිකර මුඛ බැක්ටීරියා උදාසීන කරවීම කාර්යක්ෂමව සිදු කරන බව සොයාගෙන තිබෙනවා. මුඛයේ රෝග සියල්ලටම හොඳ ප්‍රතිකර්මයක් ලෙස පොල්තෙල් යෝග්‍ය බව ස්වභාවික ඖෂධ නියමුවන් නිර්දේශ කර තිබෙනවා.

Tooth-Masks

වෛද්‍ය විද්‍යාවේ මෙය මුඛ සොදනයක් ලෙස භාවිත කර ඇති අතර මෙමඟින් බැක්ටීරියා සෛල වසා ගැනිමක් සිදුකරනවා වගේම කුහර වල ඇති ස්නායු වැසීමක් සිදුවෙනවා. මෙමඟින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කරගැනීමට පුළුවන්. මේ සඳහා පොල්තෙල් තේ හැන්දක් ගෙන විනාඩි 5ක් පමණ කාලයක් හොඳින් මුඛය සෝදා හැරීමෙන් මෙම කුහර ස්වාභාවිකවම වැසීම සිදුවෙනවා. පොල්තෙල් සඳහා කහ මිශ්‍ර කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබාගත හැකි වෙනවා. පොල්තෙල් දත් වලට පිලියමක් වුවත් මෙය දත් බෙහෙත් වලට ආදේශකයක් නොවන බව දැනගත යුතු කරුණක් වෙනවා.

 

Share Button

One Comment

  1. madu September 30, 2016

Add a Comment