දරුවෙක් ගැන ඇත්ත කතාවක්

Little-Girl-Prank
සංකීර්ණ ලෝකය ජය ගන්න තාක්ෂණය අත්‍යවශ්‍යයි. නමුත් ලෝකය ජයගන්න ඒ තාක්ෂණයම වරෙක ජීවිතය විනාශය කරා ගෙන යන්නටත් ඉඩ තිබෙනවා.

හුඟක්ම දකින්න ලැබෙන දෙයක් තමයි ඉතාම අඩු වයසෙන් දරුවන් ගර්භණි භාවයට පත්වීම. එයට විවිධ හේතු තිබෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 13, 14, 15 වයස්වල මේ තත්ත්වය ඇත්තටම වැඩියි.
එක වතාවක් ගැහැනු ළමයෙක් ආවා. එයාගේ වයස අවුරුදු 16යි. බබෙක් ලැබුණා. නමුත් බබා ලැබුණාට පස්සේ මේ ගැහැනු ළමයා කිව්වා “මට ගෙදර යන්න බැහැ ඩොක්ටර්” කියලා. පොලිසියට යන්න ඕන කිව්වා. ඊට පස්සේ හොයලා බැලුවාම තමයි දැන ගත්තේ මේ ගැහැනු ළමයා විවාහ වෙලා නැහැ. දැන් බඳින්න ඉන්න කෙනා බඳින්න බෑ කියනවලු.

අපි එයා එක්ක මේ ගැන විස්තර කතා කළා. ඉතින් එතැනදී දැන ගත්තා ලැබුණු විදියට මේ ගැහැනු ළමයට දවසක් දන්නේ නැති දුරකතන අංකයකින් ඇමැතුමක් ඇවිල්ලා. අනෙක් පැත්තට ඒ අංකයට කතා කළාම පිරිමි ළමයෙක් තමයි කතා කරලා තියෙන්නේ.
අන්තිමට දෙන්නම කතා වෙලා ඒ පිරිමි ළමයාට තැනකට එන්න කියලා මෙයත් ගිහින් ලිංගික සම්බන්ධයක් පවත්වලා. අන්තිමට ගැබිනියක් වුණා. දැන් අවසානයේදී ඒ පිරිමි ළමයා මෙයාව කසාද බඳින්න බෑ කියනවා.

ඇත්තටම මේක විශාල සමාජ ප්‍රශ්නයක්. එක පැත්තකින් ජංගම දුරකතන සමාජ ජාල වෙබ් අඩවි, අන්තර්ජාලය අවභාවිත කිරීම නිසා දරුවන්ගේ මනස දූෂණය වනවා.
මවුපියන් නිසි පරිදි සොයා බලන්නේ නැහැ. දරුවන් ඉන්නේ වෙනම ලෝකයක. මවුපියන් ඉන්නේ එයාලගේ ලෝකේ. සමහරවිට දරුවෝ කරන්නේ මොනවද කියලවත්, යන්නේ කොහෙද කියලවත් මවුපියන් දන්නේ නැහැ.
අපේ රටේ පාසල් පද්ධතියේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම අනෙක් ප්‍රශ්නය. සමහර දරුවෝ ඒ ගැන නිසි දැනුමක් නොමැතිකම නිසාම අතවරයට ලක්වෙනවා. සමාජ රෝග ගැන දන්නේ නැහැ. අවදානම් ලිංගික හැසිරීම්වලට යනවා. අවසානයේදී ජීවිතයත් විනාශ කර ගන්නවා.

(හංසි ආටිගල-මව්බිම)

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *