දිදුලන දිගු කෙස් කලඹකට කරපිංචා

Homemade-Curry-Leaf-Powder-That-Will-Prevent-Hair-Loss-and-Promotes-Hair-Regrowth-1

අද මුළුතැන්ගෙයි නැතුවම බැරි කරපිංචා වල වටිනාකම කියලා නිම කරන්න බෑ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වැඩියෙන් භාවිතා වන මෙය හොද්දක් රස කිරීමට භාවිතා කල නමුත් ඉතා ඉහළ පෝෂණීය ගුණයකින් යුක්ත වෙනවා. මෙම වටිනා කරපිංචා හිසකෙස් වර්ධනයට උපකාරී වන බව සොයාගෙන තිබෙනවා. හානි වූ හිසකෙස් වලට හොඳ ප්‍රතිකාරයක් වන අතර හිසකෙස් වැටීම වළක්වනවා. හිසකෙස් වැටීමට හේතු වන ප්‍රෝටීන අඩු කම සහ බිටා කැරොටින් නොමැති වීම මෙම කරපිංචා මඟින් සපුරා ගත හැකි වෙනවා. කරපිංචා වල ඇති විටමින් B තුලින් හිසකෙස් වල වර්ණවත් බව මනාව පවත්වා ගත හැකි වෙනවා.
කරපිංචා හිසකෙස් සඳහා භාවිතා කරන ආකාර කිහිපයක් පහත දක්වා තිබෙනවා.

* හෙයාර් ටොනික් එකක් ලෙස භාවිතය
කරපිංචා සහ පොල්තෙල් එකට ගෙන කළු පැහැය එනතෙක් හොඳින් රත් කර සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසු හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් තවරා පැයක් පමණ තබා ෂැම්පු දමා හොඳින් සෝදා හරින්න. සතියකට දෙවරක් මෙය සිදු කල යුතු අතර 15 වෙනි දිනයේදී මනා වෙනසක් ඔබටම අත්විඳීමට හැකි වෙනවා.

curryleaf oil main picture 1

* හෙයාර් මාස්ක් එකක් ලෙස භාවිතය
කරපිංචා හොඳින් කුඩු කරගෙන යෝගට් සමඟ මිශ්‍ර කර තලපයක් ලෙස සාදාගන්න. ඉන්පසු හොඳින් හිසකෙස් වල ආලේප කර විනාඩි 20-25 ක් පමණ තබා ෂැම්පු කර සෝදා හරින්න. සෑම සතියෙම මෙය සිදු කිරීමෙන් දිලිසෙන සුමට කෙස් කළඹක් හිමි වෙනවා.

currypaste

* තේ පානයක් ලෙස භාවිතය
වේලාගත් කරපිංචා හොඳින් කුඩු කර තේ පානයක් ලෙස සාදා එයට දෙහි ස්වල්පයක් යොදා දිනපතා පානය කරන්න. සතියකින් ප්‍රතිඵල අත්විඳිමට පුළුවන්. වර්ණවත් සහ ශක්තිමත් කෙස් ලබා ගත හැකි අතර මෙමඟින් ආහාර දිරවිමද පහසු කරනවා.

images

Share Button

Add a Comment