දෙවියන්ගේ රජු (Jupiter) සොයා ගිය මෙහෙසිය (Juno)

2254531_orig

නාසා ආයතනයට මේ දිනවල ගුරුගේ දසාව ලබා ඇති බවයි පෙනෙන්නේ. ඒ නාසා ආයතනය විසින් බ්‍රහස්පති ග්‍රහයා වෙත යවන ලද Juno අභ්‍යවකාශ යානය වසර 5ක ගමනකින් අනතුරුව අද බ්‍රහස්පතිගේ කක්ෂයට ලඟා වුණා. මේ සාර්ථකත්වය සැමරීම උදෙසා නාසා ආයතනය ප්‍රීති ඝෝෂා පවත්වමින් ඔල්වරසන් දෙන අයුරු අද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණා.

2011 අගෝස්තු 5 වන දින අභ්‍යවකාශ ගත කෙරුණු මෙය සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන්නක්. බ්‍රහස්පතිගේ නිමැවුම් සංඝටක, ජලය පිළිබඳව, හරය සෑදී ඇති මුලද්‍රව්‍ය, වායු ගෝලයේ තත්වය ආදී බොහෝ කරුණු පිළිබදව Juno පර්යේෂණයේ නිරත වීමට නියමිතයි. පැරණි ග්‍රීක දේව කතා වලට අනුව දෙවියන්ගේ රජු බ්‍රහස්පති වන අතර ඔහුගේ ප්‍රියම්බිකාව ජූනෝ වේ. ඒ අර්ථයෙනුයි නාසා ආයතනය මෙම යානය නම් කර ඇත්තේ.

Junoගේ සාර්ථකත්වය තහවුරු කර ගැනීමෙන් අනතුරුව සතුට පළකරන නාසා ආයතනය

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *