දොඩම් යුෂ එන්නත් කිරීම.

wrinkle-reducers

බය වෙන්න එපා, මෙය කටුවෙන් විදින එන්නතක් නොවේ. කෘත්‍රිම විටමින් “c” වලට වඩා දොඩම් පෙත්තකින් ලැබෙන පෝෂණය හරිම ඉහළයි. මිල දෙකේ වෙනසක් නොමැති උනත් ස්වභාවික විටමින් “c” ඍජුවම සමට ලබාගන්න දොඩම් වලින් පුළුවන් නිසා මේ සිද්ධියේදී ඔබට තියෙන වාසිය එයයි. ඔබට සල්ලි වියදම් කරලා විටමින් “c” බෝතලයක් ගන්න එක මහා ලොකු දෙයක් නොවන්න පුළුවන් නමුත් අපි කොහොමද දන්නේ ඒවායේ අඩංගු වෙන දේවල්, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය පෝෂණ තත්ත්වය එහෙම අපේ සමට කොච්චර හිතකරද කියලා මේවා හදන විදිය අපි දකින්නේ නැනේ. දොඩම් පෙත්ත නම් අපි දකිනවා. එකේ විටමින් “c” තියෙන බව අපි දන්නවා නේ. ඉතින් තවත් මොනවද?

6

ක්‍රමය :
දොඩම් ගෙඩියෙ ලෙලි ඇර තුනී පෙත්තක් කපා ගන්න. පිරිසියකට එය මිරිකන්න. රේණු කෙබලි සහ ලොඳ සියල්ල මිරිකන්න. මුණ සහ බෙල්ල වටේත් අලේප කරන්න.රේණු කෙබලි සහ ලොඳ ඉවත් නොකරන්න විනාඩි 20ක් මුහුණේ තබා සාරය හොඳට සමට උරා ගන්න ඉඩ දෙන්න. ඉක්මනින් සම වියපත් වීමේ ක්‍රියාවලිය ආපස්සට හරවන්නට විටමින් “සී” වලට ඇති හැකියාව ගැන සමීක්ෂණ වාර්තා හෙළිදරව් කරලා තියෙනවා . ඒ විතරක් නෙවෙයි සත්ත්ව පටක වල තිබෙන ප්‍රධාන ප්‍රෝටීන වන “කොලර්ජන්” උද්දීපනය කිරීමෙ හැකියාව විටමින් “සී”  වලට තියෙනවා. ඒ මගින් සම රැලිගසිම අඩු කරනවා ඒ විතරක් නෙවෙයි බබලන දිදුලන සරු සමක් ඔබට ලබා දෙනවා.

(උපුටා ගැනීමක්)

Share Button

Add a Comment