මෛත්‍රී සමග දොරේඅප්පා පිටිය විවෘත කරන්න මෝදි ආවේ කොහොමද?

13487794_1563131570649427_526493486_n

 

ඉන්දීය රජයේ මුල්‍ය අනුග්‍රහය යටතේ නවීකරණය කරන ලද යාපනයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණය අද ජනතා අයිතියට පත්කෙරුණි. මෙම උත්සවය ඉන්දු ශ්‍රිලංකා නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි. ශ්‍රිලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ඉන්දියාවේ නවදිල්ලියේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මිට සහභාගී විය. ඉන්දීය රජය මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය සදහා යෙදවූ මුදල ඉන්දීය රුපියල් මිලියන 1.5කි. පළමුව ශ්‍රීලංකා ජාතික ගීයත්, අනතුරුව ඉන්දීය ජාතික ගීයත් ගායනා කරමින් උත්සවයේ වැඩ ආරම්භ කෙරුණි. සමරු ඵලකය විවෘත කිරීම ඉන්දීය අගමැතිවරයා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිදුකළේය. මෙම උත්සවයට සමගාමිව, ජාත්‍යන්තර යෝගා දින වැඩසටහන සැමරීමට දොරේඅප්පා ක්‍රීඩාංගණයට පාසැල් සිසුන් 5000ක් පමණ සහභාගී වී සිටි අතර නවදිල්ලියේ සිසුන් 11000ක් දෙනා රැස්වී සිටියහ. ඉන්දීය ශ්‍රීලංකා මිත්‍රත්වය තුලින් වෙළද, ආර්ථික සංවර්ධනයට මග විවරවනවා මෙන්ම එය දෙරටේම දියුණුවේ සන්ධිස්ථානයක් වන බව මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේය. මෙය සංහිදියාවේ සංකේතයක් වන බව මෝදි මහතා තම කතාවේදී පැවසු අතර සමගිය සහජීවනය තුලින් ශ්‍රීලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බව වැඩිදුරටත් සදහන් කළේය.

13428473_10154132295166327_5142309481534696541_n

13432153_10154132295031327_4582158816137319041_n

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *