California, Cupertinoහි ඉදිවෙන ඇපල්හි මුලස්ථානයේ වැඩ කටයුතු බොහොමයක් මේ වන විට අවසන්ව තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ බොහොමයක් වැඩ කටයුතු සිදුවන්නේ සුර්ය බලය යොදාගෙනයි.මේවන විට සම්පුර්ණ ව්‍යාපෘතියෙන් 40%ක් අවසන් කොට තිබෙනවා. මේ ගොඩනැගිල්ල නිර්මාණය සඳහා අදහස ලබා දෙන්නේ steve jobs විසිනි. ඒ 2006 වසරේදීයි.
මේ මධ්‍යස්ථානය අක්කර 175ක් පුරා පැතිර තිබෙනවා.ඒ සඳහා ආසන 1000ක් සහිත ශ්රවනාගාරයක්,
කාර්යාල සේවකයන් 12,000කට ඉඩ පහසුකම්,
වර්ග අඩි 100,000ක ශරීර සුවතා මධ්‍යස්ථානයක්,
වාහන 11,000ක් නවතාලිය හැකි නැවතුම්පලක්, ඇතුලත්.
තවද මධ්‍යස්ථානය ඇතුලත ගස් 7000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. එහි පළමු පියවර ලෙස මේ වන විටත් ගස් රෝපණය ආරම්භ කොට තිබෙනවා. මෙය 2017 අග බාගයේ විවෘත කිරීමට නියමිතයි.
-images-Dailymail.