නිල් චිත්‍රපට ඔබේ පරිගණකයට රිංගන හැටි

bigstock-Hacker-Typing-On-A-Laptop-44548564

ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන කෙනෙක්ද? වින්ඩෝස් යනු හැක්ර්වරුන්ගේ (පරිගණක ආශ්‍රිත අපරාධකරුවන්) ප්‍රියතම මෙහෙයුම් පද්ධතියයි. මෙනිසා බොහෝ පිරිස ඇපල්, ලිනක්ස් වැනි ආරක්‍ෂිත මෙහෙයුම් පද්ධති භාවිතයට හුරු වී ඇත. බොහෝ හැකර්වරු බොට්ස් (පරිගණකය තුලට රිංගන මෘදුකාංග විශේෂයක්) නැමති මිනිස් උදව්වකින් තොරව ක්‍රියා කරන මෘදුකාංග යොදා ගෙන ඔබේ පරිගණකයට ඇතුළු වීමට සමත්ය.

අප මේ ගැන වැඩි තොරතුරු සඳහා ලොව සුපතල ශ්‍රී ලාංකික පරිගණක වැඩසටහන් කරුවෙක් මුණ ගැසුනා. ඔහු අපට බොට්ස් මගින් සිදුවිය හැකි හානි ගැන මෙසේ සඳහන් කළා.

  1. එයට පුළුවන් ඔබේ ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩර් එකක් අස්සට යන්න.
  2. එයට පුළුවන් ඔබේ වෙබ් බ්‍රව්සරයේ හිස්ට්‍රි එක බලන්න.
  3. එයට පුළුවන් ඔබ ඇතුළුවන වෙබ් අඩවි ගැන සොයන්න.
  4. එයට පුළුවන් ඔබේ ඊමේල්, පාස්වර්ඩ් ගන්න.
  5. එයට පුළුවන් ඔබට හොරා ඔබේ කැමරා එකෙන් රූ ගත කරන්න.
  6. එයට පුළුවන් අන්තර්ජාලය හරහා ඔබේ පරිගණකයේ ඔබේ නොවන ෆයිල් ගබඩා කරන්න.
  7. ඇත්තටම එයට පුළුවන් ඔබව විනාශ කරන්න.

තරුණ පරපුර අනතුරේ

“බොහෝ තරුණ තරුණියන් භාවිතා කරන්නේ වින්ඩෝස්. ඒක තරම් ජරාවක් මම ජීවිතේට දැකල නැහැ. ගේම්ස් ගහන්න ගොඩක් පොඩි ළමයි පවා ක්‍රැක් (මුදල් දී මිල දී ගත යුතු මෘදුකාංග නොමිළේ භාවිතා කල හැකි පරිදි තනන ලද තවත් මෘදුකාංග වර්ගයක්) දානවා මම දැකල තියෙනවා. ක්‍රැක් එක ලියන්නේ හැකර් කෙනෙක්. ගොඩක් වෙලාවට ක්‍රැක් එක එක්ක බොට් කෙනෙක් පරිගණකයට රිංගනවා. මේක ගොඩක් අය දන්නේ නෑ. ඇඩෝබි ෆොටෝෂොප් වගේ ඒවාට පවා බොට්ස්ල දාපු ක්‍රැක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා… ” ඔහු තව දුරටත් පැවසීය.

 

හාර්ඩ් ඩිස්ක් එකට නිල් චිත්‍රපට දැමීම

“මම දැකල තියෙනවා බොට් කෙනෙක්. ඒක කරන්නේ අපේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉතුරු වෙලා තියෙන ඉඩ, බොට් එක හදපු කෙනාගේ ෆයිල් ගබඩා කරන්න යොදා ගැනීම. නිකන් හිතන්න රුසියානු හැකර් කෙනෙක් මේක හැදුවා කියල. ඔහු ලෝකේ තියෙන පරිගණක 1000කට මේක පතුරනවා. එක පරිගණකයකින් 100MB  ඉඩක් ගත්තොත්, එයා පරිගණක 1000න් 100GB ඉඩක් හදා ගන්නවා. ඔබත් ඔහුගේ ගොදුරක් නම් ඔහු ඔබේ අන්තර්ජාල පහසුකම හරහා ඔබේ පරිගණකය භාවිතා කරනවා. ඔහුට පුළුවන් ලේසියෙන්ම ඔබේ පරිගණකයට නිල් චිත්‍රපටියක් දමන්න.” ඔහු කීය.

 

කොහොමද අපි මේකෙන් ආරක්ෂා වෙන්නේ?

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *