නේරුට පසු බුද්ධාගමට සලකන නායකයා මෝදි

බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනුවර ලෙස නම් කිරීමට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත් තීරණයට ලෝක බෞද්ධ නායකයින්ගේ සහයෝගය ලැබෙන බව ශ‍්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පවසනවා.

විවේකානන්ද පදනම, ඉන්දියා පදනම සහ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය එක්ව පසුගියදා සංවිධානය කළ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය ලෙස නම් කරන බව ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් කියා සිටියේ ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරුගෙන් පසු බෞද්ධ ආගම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ඉන්දීය රාජ්‍ය නායකයා බවට වත්මන් අග‍්‍රාමාත්‍යවරයා පත්ව ඇති බවයි. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් සහ තමන් ද සහභාගි වූ බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.(උපුටා ගත්තකි)

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *