නොබෙල් ත්‍යාගලාභි සිමොන් පෙරෙස් අභාවප්‍රාප්ත වේ..

ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයකු වූ නොබෙල් සාම ත්‍යාගලාභි සිමොන් පෙරෙස් ඊයේ උදෑසන මිය ගියේය. ලේ ගැලීමේ අවහිරතාවයක් (ආඝාතය) නිසා සති දෙකකට පෙර ඔහු රෝහල් ගත කරනු ලැබීය. අඟහරුවාදා වනතුරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන්  යහපත් අතට වර්ධනය වෙමින් පැවතුණි.

සීමොන් පෙරස් දෙවතාවක්ම ඊශ්‍රයලයේ අගමැතිවරයා බවට පත්වූ අතර එක් වරක් (2007 සිට 2014 ) ජනාධිපතිවරයා වශයෙන්ද සේවය කළේය.

නිදහස් පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිමින් ඔස්ලෝ ගිවිසුමට අත්සන් කිරීම නිසා 1993 වසරේදී ඊශ්‍රායල් අගමැතිවරයකු වූ යිට්සැක් රේබින් සහ පලස්තීන විමුක්ති සංවිධානයේ හිටපු නායක යසර් අරපත් සමග නොබෙල් සාම ත්‍යාගයද හිමිකර ගත්තේය.

ඊශ්‍රායලය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ සීමොන් පෙරෙස් ‘පලස්තිනුවන්  ඊශ්‍රයලයේ සමීපතම අස්ල්වැසියන් බවත්  අනාගතයේදී සමීපතම මිතුරන් විය හැකි‘ බවත් වරක් පැවසිය.

ඔහුගේ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරිමට නියමිත අතර ලෝක රාජ්‍ය නායකයන් රැසක්ම එයට සහභාගි වනු ඇතැයි අපේක්ෂා  කෙරේ.

Image result for shimon peres

Image result for shimon peres

Share Button

Add a Comment