පල්ලෙකැලේ ඇදුම් නැතුව ගිය සුද්දාට වැඩ වරදී

stock-photo-86482271-shirtless-muscular-man-waving-hand-with-placard

ශ්‍රීලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

වර්ෂාව නිසා තරගය නතර කළ අතරතුර ආවරණය කරන ලද ක්‍රීඩාංගණය මතින් ඇදුම් නැතුව දිව ගිය විදේශිකයකුගේ ක්‍රියාකලාපය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ක්‍රිඩාංගන ආරක්ෂක අංශ මැදිහත් වී එම ක්‍රියාව නැවත් වූ අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී රුපියල් 3000ක දඩයක් සමග සතියක සිරදඬුවම් ලබා දීමට මහේස්ත්‍රාත්වරයා ක්‍රියාකළේ විදේශිකයාට දැඩි අවවාද ලබා දෙමින්.

 

Share Button

Add a Comment