ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට දවල් හීන බලන්න

0f496636-5a48-4897-8509-16e0bc29e4a0

අප ජිවත්වනුයේ බහුවිධ උවදුවලින් වට වූ ලෝකයකයි. බැක්ටීරියා , වෛරසය, දිලීර , ඒක සෛලික ආදී රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් අප වට කොට සිටියි. පිළිකාකාරක, විකිරණ සහ වෙනත් අහිතකර බලවේගද එසේමයි. මේ සියලු උවදුරු වලින් අප ගලවන යාන්ත්‍රනය හඳුන්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙසයි. රෝග වැලක්වීම ඇතුළු කාර්යයන් රාශියකට දායක වන මෙම පද්ධතියේ කාර්යශුරත්වය ඉහළ නැංවීමට ඔබටද හැකයි.

ඔබගේ ප්‍රතිශක්ති කරණ පද්ධතිය ඔබ වෙනුවෙන්ම අවේනිකව සකස් වුවක් නමුදු , ඔබ වෙසෙන පරිසරය,  ආහාර පාන ගන්නා රටාව සහ අතීතයේ දී පෙළුණු ලෙඩ රෝගද ඒ කෙරෙහි යම් බලපෑම් ඇති කිරීමට සමත්.

index

ජිවන රටාවේ යම් යම් සාධක හේතුවෙන් ප්‍රතිශක්තිය දුර්වල වෙයි. මෙවැනි අවස්ථා වලදී අපට ගත හැකි පියවර කිහිපයක් පහත දක්වා තිබෙනවා.

සුව නින්දක්
දිනපතා අවම පය 6 – 8 ක නින්දක් ලැබීම අවශ්‍ය යි .

මිතුරු ඇසුරු
මිතුරු ඇසුර ආතතිය අඩුකර චිත්ත වේග ශක්තිමත් කිරීම නිසා මනා ප්‍රතිශක්ති පද්ධතියක් උරුම කරයි .

සිනහවෙන්න
සිනහව, ආතති හෝමෝන අඩුකර ප්‍රතිශක්ති සෛල සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්. විකට වීඩියෝ වැඩසටහන් නැරඹු විට ගැමා ඉන්ටපෙරෝන් නම් ප්‍රතිශක්ති ද්‍රව්‍ය වර්ධනයක් දකින්න පුළුවන්.

ප්‍රතිශක්තිය වර්ධනය කරන ආහාර ගන්න
නිවුඩ්ඩ සහිත ධාන්‍ය තුල අඩංගු ෆෝලික් අම්ලය සත්වමය මුලාශ්‍ර සපයන ආහාර තුල අඩංගු බි 12 විටමිනය ප්‍රතිශක්ති වර්ධනයට සමත්. කැරට්, තත්කාලී තුල අඩංගු කරොටින්, කැල්සියම්, තේ තුල අඩංගු මැන්ගනීස් සහ විටමින් c මේ සඳහා උපකාරී වෙයි.

සිහින දකින්න
සතුටු සිතින් සිටීම මෙන්ම දවල් හීන දැකීමේදී දැනෙන විවේකිතාවය රෝග වළක්වන ප්‍රතිශක්තිය වර්ධනය වන බවට ද මතයක් ඉදිරිපත් වෙයි.

ව්‍යායාම
ස්වභාවික නාශක සෛල වර්ධනය කිරීමට ව්‍යායාම සමත්.

ප්‍රතිශක්තිය වර්ධනය කිරීම තුලින් රෝගාබාධ වලින් මිදී නිරෝගී ජිවිතයක් ගතකිරීමට හැකිවන බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි.

(උපුටා ගැනීමක්)

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *