පාදයේ ඇඟිලි වල පිහිටීම මඟින් පවසන ඔබගේ පෞර්ෂය සහ අනාගතය

Screen-Shot-2015-12-18-at-11.37.48-AM

ඔබගේ පාද වල පිහිටීම ඔබ පිලිබඳ බොහෝ කරුණු කියාපාන බව ඔබ දන්නවද? සමහර අධ්‍යනයන්ට අනුව සිරුරේ හැඩය පාද වල පිහිටීම, ඇඟිලි වල පිහිටීම වැනි බොහෝ දේවල් වලින් ඔබේ අනාගතය හා ඔබේ ගතිගුණ පැවසීමට පුළුවන් බව සොයාගෙන තිබෙනවා. එකිනෙකාගේ පාද වල හැඩය එකිනෙකට වෙනස් වන අතර ඇඟිලි වල පිහිටීමද විවිධාකාර වෙනවා. මෙම පාදවල ඇඟිලි වල පිහිටීම මඟින් පවසන අරුත් පිළිබඳව මෙම ලිපිය කියවීමෙන් ඔබට දැනගැනීමට පුළුවන් වෙනවා.

පාදයේ මහපට ඇඟිල්ල අනිකුත් ඇඟිලි වලට වඩා විශාලව පිහිටා තිබීම

මෙම පිහිටීම ඇති පුද්ගලයන් දක්ෂ හා නිර්මාණශීලිව ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ හැකියාවක් පවතින පිරිසක් වෙනවා. අලුත් අදහස් වලින් පිරුණු නිර්මාණශීලි පුද්ගලයන් වන මොවුන් වෙනත් කෝණ වලින් අනාගතය පිළිබඳව දකිනවා. නමුත් මොවුන්ට යමක් සිදු කිරීමේදී එක දිගට අවධානය යොමු කිරීම අපහසු කාර්යයක් වන අතර සමහර අවස්ථාවල අතරමඟදී කරගෙන යන කටයුතු නිමාවකින් තොරව නවතා දැමීම සිදුකරන පිරිසක් වෙනවා.

toetal_0009_10

පාදයේ දෙවන ඇඟිල්ල අනිකුත් ඇඟිලි වලට වඩා විශාලව පිහිටයි නම්

මෙවන් ඇඟිලි පිහිටන පුද්ගලයන් සතුව හොඳ නායකත්ව ගුණාංග ඇති අතර තමන් ගේ අදහස ඒ අයුරින්ම සිදු කරන පුද්ගලයන් වෙනවා. ඉන්දියාවේ සමහර ජනප්‍රවාද වලට අනුව මව්වරු තම පුතුන් හට මෙලෙස පාද පිහිටා ඇති දියණිවරුන් විවාහ කර දීමට මැලි වන බව පවසනවා.

foot-fingers

පාදයේ තෙවන ඇඟිල්ල සාපේක්ෂව දිගට පිහිටයි නම්

මෙය ඔබේ වෘත්තිය ජීවිතය සාර්ථකත්වය පිළිබඳව පෙන්වා දෙනවා. චීන ශාස්ත්‍රයට අනුව මෙම පිහිටීම අත්මශක්තිය වැඩි ලක්ෂණ පෙන්නුම් කරන බව සලකනවා. ඉතා ක්‍රියාශීලි මොවුන් ගේ ඇති දුර්වලකම තම පවුල, ආදරය සියල්ල අමතක් කොට වැඩ කරන පිරිසක් වීමයි. මෙහි විරුද්ධ පිහිටීම ඇති පිරිස විවේකිව සිට ජිවිතයේ සැප භුක්ති විඳින අතර සමහරු එයට කම්මැලි කම යයි පැවසු විට ජීවිතය කෙටි නිසා සතුටින් සිටිය යුතු බව ප්‍රකාශ කරන පිරිසක් වෙනවා.

toes-3

පදයේ හතර වන ඇඟිල්ල සාපේක්ෂව දිගට හා කෙලින් පිහිටයි නම්

මෙවන් පිහිටීම් ඇති පිරිස බොහෝවිට තම පවුලට ප්‍රථම ස්ථානය දෙනවා. පෞද්ගලික ජිවිතයේ ගැටළු පවතින ආදර සම්බන්ධ වල ගැටළු පවතින පිරිස පිළිබඳව මෙම ඇඟිල්ලේ පිහිටීම පෙන්වා දෙනවා. අන් අයගේ ගැටළු පිළිබඳව සොයා බල උපකාර කරන මෘදු ගති ඇති පිරිසක් වෙනවා.

images

පාදයේ කුඩා ඇඟිල්ල සාපේක්ෂව දිගට පිහිටයි නම්

මෙවන් පිහිටීමක් ඇති පුද්ගලයන් බොළඳ ළමා ගති ඇති වගකීම් මගහරින පිරිසක් වෙනවා. ඉක්මනින් අවධානය වෙනතකට හැරෙන මොවුන් බොහෝවිට පිරිස සමඟ සිටීමට ප්‍රිය කරනවා. සමාජශීලි වන මොවුන් හාස්‍යජනක විනෝදකාමී ලෙස ජිවත් වෙනවා. නමුත් මෙම කුඩා ඇඟිල්ල අනෙකුත් ඇඟිලි වලින් වෙන්ව පිහිටයි නම් ඔවුන් ආවේගශීලි, ආකර්ශනීය, නිහතමානී සහ වගකීම් හොඳින් ඉටු කරන පුද්ගලයන් වෙනවා.

73117-large-269933

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *