පාස්කු දූවේ යෝධ ගල් පිළිම ඇවිද ගිය හැටි

640px-Ahu-Akivi-1

ෆැසිපික් සාගරයේ පොලිනීසියානු දූපත් වලට අයත් වර්ග සැතපුම් 63ක් පමණ වන පාස්කු දූවේ යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කර ඇති යෝධ ගල් පිළිම 1000කට වැඩියෙන් තියෙනවා. මෙම ගල් පිළිම “මෝයි” යනුවෙන්ද හඳුන්වනවා. මේ පිළිම නෙළුවේ කවුද? කුමක් සඳහාද යන්න විශාල අභිරහසක්.

එහි විශාලතම පිළිමය “Paro” නමින් හඳුන්වන අතර එය ටොන් 82ක බරින් යුතුයි. උස අඩි 33ක්. මෝයි පිළිම පිලිබඳ රහස තවම හෙළි නොවුණා වගේම, මේ යෝධ ගල් පිළිම ඒවා කඩා ගන්නා ලද ගල් වලේ ඉදල මේ තරම් දුර මුහුදු වෙරළ සමීපයට ගෙන ආවේ කොහොමද කියන එකත් අභිරහසක්. කරපු අධ්‍යයනයන්ට අනුව හෙළි වුණේ මිට වසර 800කට 900කට ඉස්සර මේ පාස්කු දූපතේ පදිංචියට ආපු “රපා නූයි” නම් මිනිස්සු මේ පිළිම ඉදිකළා කියලයි.

සමහරු විශ්වාස කරන්නේ මේ ඊස්ටර් දූපතේ එසේත් නැත්නම් පාස්කු දූපතේ මෝයි පිළිම පිටසක්වළ ජීවීන්ගේ සහය ඇතුව නිර්මාණය කරා කියලා. ඒත් විද්‍යාඥයින් නම් කියන්නේ දූපත් වාසීන් මේ පිළිම ඉදිකළේ පිටසක්වළ ජීවීන්ගේ අනුග්‍රහයක් නැතුව කියලයි. දැන් පාස්කු දූපතේ එක ගහක්වත් නැත්තේ රපා නූයිවරුන්ගේ යෝධ පිළිම තැනීමේ ආශාව නිසා ඒවා අවශ්‍ය තැන්වලට ගෙන යාමට උදව් කරගැනීමට ගස් කපපු නිසා කියලත් මතයක් තියෙනවා.

ඒත් දැන් මතයක් පළ කරලා තියෙනවා ඒවා ගෙනියන්න වෙනම ක්‍රමයක් යොදා ගත්තා කියලා. ඒ තමයි අපි ෆ්‍රිජ් එකක් ගේ ඇතුළට අරන් යන ආකාරයට ඔවුනුත් මේ පිළිම පැත්තකට ඇල කරමින් රැගෙන ගිය බව. අලුත්ම අදහස ඉදිරිපත් කරන්නේ ඇමරිකාවේ ලෝන් බීච් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ කාල් ලිපෝ විසින්. ඔහු කියන්නේ අංග සම්පූර්ණව ඉදිකර නැති පිළිම මෙසේ සිරස්ව ගෙන යාමට නොහැකි නිසා මද දුරක් ගෙන ගොස් අත්හැර දමා ඇති බවයි. මහාචාර්ය ලිපෝ හා හොනලුලුහි හවායි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ ටෙරී හන්ට් මේ කල්පිතය පරික්ෂා කරේ ඒ පිළිමයක එම ප්‍රමාණයේම කොන්ක්‍රීට් වලින් තැනු පිළිමයක් යොදා ගෙනයි. එහෙත් එම පිළිමය නියම පිළිමය හා සමාන නියම බරින් යුතු නොවූ නිසා මෙය විද්‍යාත්මක පිළිගැනීමට ලක් වෙලා නෑ.

1422575037168

මහාචාර්ය ලිපෝ ඇතුළු පිරිසගේ උත්සාහය

 

Share Button

Add a Comment