පිටරටට විකිණෙන අපේ සම්පත් !

අපේ රටේ සම්පත් එන්න එන්නම පිටරට වලින් අයිති කරගනිමින් පවතී. අද මා ඔබට පෙන්වා දෙන්නේ ඔබ මෙතෙක් නොදුටු එවන් සම්පතක් ගැනයි.

bulk website

.LK Domains කාගේද?

අපේ රටේ අනන්‍යතාව තහවුරු කිරීමට ඇති .LK ඩොමේන් වල සැබෑ අයිතිකරුවන් කවුදැයි ඔබ නිකමටවත් සිතුවාද? අප මෑත කාලීනව කළ පරීක්ෂණ හමුවේ දුටු කරුණක් වන්නේ, බොහෝ .LK වෙබ් අඩවි වල අයිතිකරුවන් විදේශිකයන්  බවය.

Bulk domains

Bu.lk හි අයිතිය කැනඩාව සතු වුයේ කොහොමද?

අකුරු දෙකකින් යුක්ත මෙම වෙබ් අඩවිය පාලනය කරන්නේ කැනඩානු පරිගණක ආයතනයක් මගිනි. මොවුන් අපට අයත් මෙම සම්පත යොදාගෙන මිලියන ගණන් සල්ලි හොයන අතර අප එයින් උපයන්නේ ඉතා සුළු මුදලක් පමණි (වාර්ෂිකව රු: 25,000ක් පමණ). මෙයින් අපේ රටේ මුදල් පිටරට පැටවීම අප වැළක්විය යුතුය. මෙවැනි වෙබ් අඩවි නිර්මාණයට අපේ රටේ තරුණ තරුණියන් නැඹුරු කල යුතුය. මෙය ඉටු කරන්නේ කවුද?

Bu.lk

අපට නැති PayPal සහ නිදි කිරන පාලකයෝ 

PayPal යනු පහසුවෙන් ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි ක්‍රමයකි. නමුත් PayPal ආයතනය අපේ මහා බැංකුවේ මුල්‍යය කොන්දේසි වලට යටත් නොවේ. ඊට හේතුව අප තවමත් අසූ ගණන් වල මානසිකත්වයේ සිටීමයි. මෙනිසා PayPal මගින් මුදල් යැවීම මිසක ගැනීමක් කල නොහැක. එක්තරා අපේක්ෂකයෙක් පහුගිය මැතිවරණ පොරොන්දුවක් ලෙස PayPal උලුප්පා ජයග්‍රහණය කල නමුදු, තවමත් ඔහුට එය ඉටු කිරීමට උනන්දුවක් නැත. ඉතින් අප ගැන බලන්නේ කවුද?

 

අපි එකතු වී අපේ සම්පත් රැක ගනිමු 

අප සතුව බොහෝ සම්පත් ඇත. ඒවා පිටරැටියන් සතු වීම වැලකීමට එක් වෙමු. අප පරීක්ෂකයන් දුටු පරිදි Bu.lk වෙබ් අඩවිය ඉතා කෙටි කලකින් Google, Yahoo වැන්නක් බවට පත් වනු නොඅනුමානය. එයින් උපයන මුදල් වලින් අපේ රටට බොහෝ පහසුකම් සපයා ගත හැකිය. එවැන්නක් වෙනත් රටකට නොදී අප සතු කර ගැනීමට එකා මෙන් නැගී සිටිමු. Facebook වැනි සමාජ ජාල හරහා සියල්ලන් දැනුවත් කර අපේ සම්පත අපි රැක ගනිමු!

– Please Share This On FACEBOOK To Save Our Country –

Share Button

19 Comments

  1. Gayan Lukshitha October 27, 2015
  2. ඇම්පියර් අයියා October 27, 2015
  3. Manoj October 27, 2015
  4. Sumudu Chamudini October 28, 2015
  5. Gayan Lukshitha October 28, 2015
  6. mp3buwa October 28, 2015
  7. හක්ක පටස් මහත්තයා October 28, 2015
  8. SamanaliFernando October 28, 2015
  9. jayanthi79 October 29, 2015
  10. mohammad aslam October 29, 2015
  11. mohammad aslam October 29, 2015
  12. කමල් පතිරණ October 29, 2015
  13. Sarana Keerthi October 30, 2015
  14. Pradeep Lakmal October 30, 2015
  15. ඇම්පියර් අයියා November 1, 2015
  16. Samason567 November 1, 2015
    • මහා කළු සිංහලයා November 2, 2015
  17. මහා කළු සිංහලයා November 1, 2015
  18. Kusumi SandaMali November 2, 2015